දිගු කලකට පසු රාජ්‍ය සේවයේ අද සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

අද (29) දින, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් , 2018 වසරෙන් පසු තරඟ විභාගයකින් රාජ්‍ය සේවයට බඳවා ගැනෙන වැඩිම පිරිස සඳහා  පත්වීම් ලිපි ප්‍රධානය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, දෙදහසකට අද (29) දිනයේ පත්වීම් ලබා දීමට නියමිතයි.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන සේවයේ පත්වීම් ලාභීන් නිල වශයෙන් රාජ්‍ය සේවයට එක් කෙරෙන මෙම පත්වීම් ලිපි ප්‍රධානය අද (29)  අරලියගහ මන්දිරයේදී පැවැත්වීවීමට නියමිතව ඇත.

2025 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළ පරිදී රාජ්‍ය සේවය දේශපාලන ආධාර කරුවන්ගෙන් පිරවීමේ අතීත පුරුද්ද වර්ථමාන රජය නතර කිරීම ප්‍රායෝගිකව ඔප්පු කළ අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකියි.

දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් සහ කුසලතා මත පදනම්ව මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බව පැවසේ.

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා තිස් දහසක් බඳවා ගැනීමට අයවැයෙන් යෝජනා ඉදිරිපත් වූ අතර මේ වන විට එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...