ජනපති සහ රාජපක්ෂලා වැල් පාලමෙන් එගොඩ වුණා. ජනතාව හෙළට තල්ලු කළා – සජිත්

Date:

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කිව්වත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් බවත් ලක්ෂ 220ක් වූ ජනතාව වැල් පාලමෙන් හෙලට තල්ලුකොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයා කොමඩියක් බවත් වත්මන් ආණ්ඩුව මගඩියක් බවත් කී විපක්ෂ නායකවරයා ඉතිහාසයේ සිට ජනතාවට එරෙහි වන අයට සිදුව ඇත්තේ නරක ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවීම බවත් කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) බුත්තල දී පැවැති සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් . එය සංවිධානය කළේ සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම්.ධර්මසේන මහතා විසිනි.

මේ රට ගොඩනැගීමට නම් නව ජනවරමක් අවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා, පුලුවන් නම් කඩිනම් මැතිවරණයක් තියන ලෙසත් අලි කපුටු වේශයෙන් ආවත් ජනතාව මෙවර ඔවුන්ට නිසි පාඩම උගන්වන බවත් පැවසීය.

සමගි ජන බලවේගය රාජ්‍ය බලය ලබා ගන්නේ ගමට නගරයට රටට වැඩක් කිරීමට බවත් නව තාක්ෂණය තුළින් අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගත හැකි වැඩසටහනනට මුල පුරන බවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙන් නොව තමන් ඇතුළු පිරිස විපක්ෂයේ සිට පවා ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළ බවත් කී විපක්ෂ නායකවරයා එහෙත් රාජපක්ෂවරුන් කළේ බොරු මවාපැම් සිදු කර රට බංකොලොත් කිරීම බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...