රෝහිත අබේගුණවර්ධනගේ විදෙස් ගමන් තහනම ඉවතට …

Date:

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියම කළේය.

ඒ, රෝහිත අබේගුණවර්ධන මහතා සිය දරුවාගේ අධ්‍යාපන කටයුත්තක් සඳහා එංගලන්තයට යාමටත් සිය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉතාලියට යාමටත් අවසර ලබාදෙන ලෙස නීතීඥයින් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් අනුව ය.

ඒ අනුව, රුපියල් ලක්ෂ 10ක ඇපයක් මත ඔක්තෝබර් 10 වනදා සිට නොවැම්බර් 20 වනදා දක්වා ඒ මහතාට විදෙස්ගත වීමට අවසර ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළේය.

රෝහිත අබේගුණවර්ධන මහතාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...