නඩු දෙකක් සඳහා නාමල් අද අධිකරණයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) දිනයේදී නඩු දෙකක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවට වශයෙනි.

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට නාමල් රාජපක්ෂ මහතාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එම නඩුවේදී ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් පසුගිය නඩුවාරයේදී (18) ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය, ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව ලබන මස 06 වනදා කැඳවීමට නියමිතව තිබුණ ද එම නඩුවත් අද දිනයේදීම කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (28) නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...

රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : නීති විරෝධී ලෙස...

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියන්ගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර...