නඩු දෙකක් සඳහා නාමල් අද අධිකරණයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) දිනයේදී නඩු දෙකක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවට සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩුවට වශයෙනි.

ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට නාමල් රාජපක්ෂ මහතාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එම නඩුවේදී ඒ මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් පසුගිය නඩුවාරයේදී (18) ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය, ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව ලබන මස 06 වනදා කැඳවීමට නියමිතව තිබුණ ද එම නඩුවත් අද දිනයේදීම කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (28) නියෝග කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර යළි සේවයේ පිහිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අධිකරණ සේවා කොමිෂන්...