රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW :

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි සිට පැමිණි මෙම කාන්තාව, අදාළ ස්වර්ණාභරණ තොගය ගුවන් තොටුපළෙන් පිටතට ගෙන යාමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ගමන් බෑගයක පාර්සල් 12ක අසුරා තිබූ ග්‍රෑම් 916ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගයට වළලු සහ මාල අයත් වේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩවල අගය රුපියල් 36,628,937ක් පමණ වන බව තක්සේරු කර ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...