ඕස්‍ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 21ක් වටිනා සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන අලෙවි කිරීමෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය අද (29) එහි තීන්දුව ලබාදෙමින් මෙසේ උදය ගම්මන්පිල මහතාව නිදොස්කොට නිදහස් කළාය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඇය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අපොහොසත්ව ඇති බවයි.


