“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”


Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය (Monetization) ක්‍රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.


දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇත.


මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වේ. එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කරගනිමින්, කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව පවතී.


එබැවින්, මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන මෙන් දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ශාව දරන්නන් වෙත දන්වා සිටිමු.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...