LECO විදුලි බිල්පත් සඳහා තවත් බද්දක්

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

සැප්තැම්බර් 08 වනදා සිට එය ක්‍රියාත්මක කෙරෙන බවයි එම සමාගම පවසන්නේ.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ විදුලි බිල්පත් සඳහා 2.5% ක එම බද්ද ද ඇතුළත් වනු ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ බිල්පත් සඳහා මීට පෙර සිටම මෙම බද්ද අය කෙරිණි.

RN