*
Monday, May 20, 2024
spot_img

Latest Posts

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සාමාජිකයා ලෙස වර්ජින් ඕස්ට්‍රේලියා එක්වෙයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ජින් ඕස්ට්‍රේලියා සමඟ ප්‍රථම වරට හවුල් ගිවිසුමකට එළැඹ ඇත. එමඟින් ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා ජාලය ශක්තිමත් කරන අතර පාරිභෝගිකයින්ට පුළුල් සම්බන්ධතා ජාලයක් විවෘත වේ.

නව හවුල් ගිවිසුමත් සමඟ ඕස්ට්‍රේලියාව සඳහා ශ්‍රීලංකන්ගුවන් සමාගමෙහි ඇති කැපවීම නැවත තහවුරු කරන අතර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙන්කරවා ගැනීම සඳහා තෝරාගත් Virgin Australia දේශීය හෝ ජාත්‍යන්තර සම්බන්ධතා එක් කිරීමට සහ තනි ප්‍රවේශපත්‍රයක් යටතේ බහු ගුවන් ගමන් මාර්ගයක් කළමනාකරණය කිරීමේ පහසුව පාරිභෝගිකයින්ට ලබා දෙන බව SriLankan Airlines විසින් පැහැදිළි කිරීමක්ද සිදු කළේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව දැක්වූ අදහස්,

“ඕස්ට්‍රේලියාවේ විශාල ලෙස ශ්‍රී ලාංකික ජනතාවක් සිටින අතර, ඒ හරහා වසර පුරා මිතුරන් හා නෑදෑයන් බැලීමට යන අයද , උසස් අධ්‍යාපනය සඳහා යන පිරිසද අති විශාල වන අතර එමඟින් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සබඳතා ඉහළ තැනක පවතී. මෙම හවුල්කාරිත්වය මගින් ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළ තුළ වැඩිදියුණු කළ සම්බන්ධතාවක් සහ අපගේ වටිනා පාරිභෝගිකයන් සඳහා තවත් ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට අපට උපකාර වනු ඇත”

SriLankan Airlines දැනට දිනපතා කොළඹ සිට මෙල්බර්න් දක්වා සහ කොළඹ සිට සිඩ්නි දක්වා සති තුනකට වරක් ක්‍රියාත්මක වන අතර , මෙම හවුල්කාරිත්වය මගින් ශ්‍රීලංකන් මෙල්බර්න් හෝ සිඩ්නි වෙත ගමන් කරන මගීන්ට ඕස්ට්‍රේලියානු නගර වන ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා, කේන්ස්, ඩාවින්, හෝබාර්ට්, හැමිල්ටන් අයිලන්ඩ්, ලෝන්සෙස්ටන්, ගෝල්ඩ් කෝස්ට් සහ පර්ත් වෙත වර්ජින් ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධ වීමට හැකියාව ඇත. ඊට අමතරව මගීන්ට ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට නවසීලන්තය, සැමෝවා සහ ෆීජි වෙත ගමන් කිරීමේ විකල්පය ද ඇත.

මෙම නගරවල වෙසෙන ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ඕස්ට්‍රේලියානුවන්ටද , ඔවුන්ගේ ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට හෝ ඉන්දියාවට තනි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෙන්කරවා ගැනීමක් කළ හැකිය.

වර්ජින් ඕස්ට්‍රේලියා සමඟ එක්වීමෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන සංචාරකයින් සඳහා ද ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා වැදගත් පාරිභෝගික කණ්ඩායමක් සිටින අතර මෙම වර්ජින් ඕස්ට්‍රේලියා හවුල්කාරිත්වය මත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ගුවන් සබධතා වැඩිදියුණු කිරීමට අවිවාදයෙන්ම උපකාර වනු ඇත.

මාලදිවයින, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ බංගලාදේශයේ සිට කොළඹ හරහා ඔස්ට්‍රේලියාවට පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට පහසු සම්බන්ධතාවක් ද මෙමගින් සැලසෙන බවද සඳහන් වේ.

2017 ඔක්තෝම්බර් මාසයේදී මෙල්බර්න් වෙත සහ 2020 ජුනි මාසයේදී සිඩ්නි වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් පසු මිලියනයකට ආසන්න මගීන් පිරිසක් ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ ඕස්ට්‍රේලියාවට ගමන් කර ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan