රටට ගැළපෙන ගව හා එළු විශේෂ සොයා පරීක්ෂණ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සත්ත්ව පර්යේෂණ ඇරඹීමට උපදෙස් ලබා දී ඇත. ඒ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීම සඳහා පර්යේෂණයක් අරඹන ලෙසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ, දැනට කිරි හා මස් නිෂ්පාදනය සදහා ගවයින් හා එළුවන් වැනි සතුන් ආනයනය කළ ද රටේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු නොදීම හා වෙනත් රෝගාබාධවලට ගොදුරුවීම නිසා එම සතුන් මරණයට පත්වන බව නිරීක්ෂණය වී ඇති බවයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවැසූයේ සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බවත් දනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.

වැඩිදුරටත් ඔවුන් පැවසූවේ කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව කොට්ටුකච්චිය ගොවිපළේ තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...