ස්වීඩනයේ කල්ලි ප්‍රචණ්ඩත්වය ඉහළට; අගමැති හමුදා ප්‍රධානින් කැඳවයි

Date:

වර්ෂාරම්භයේ සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කර ඇති ප්‍රහාර රැල්ලකින් පසු ස්වීඩනයේ කල්ලි ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ස්වීඩන් සන්නද්ධ හමුදා ප්‍රධානියා සහ පොලිස් කොමසාරිස් කඳවු බව ස්වීඩන් අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් නිවේදනය කර තිබේ.

අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, සාපරාධී කල්ලිවලට එරෙහිව පොලිසියට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා සන්නද්ධ හමුදාවන්ට උපකාර කළ හැකි ආකාර පිලිබදව මෙහිදී සාකච්ජා කරනු ඇති බවයි.

පසුෆිය බදාදා(27) ස්ටොක්හෝම් හි සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර, බ්‍රහස්පතින්දා අලුයම උප්සාලා හි නිවසක් බෝම්බයක් ඉරා දැමීමෙන් 20 හැවිරිදි කනතාවක් මිය යාමත් සමඟ අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් ප්‍රකාශ කරනු ලැබුවේ ස්වීඩනය මීට පෙර කිසිදු දිනක මෙවැනි දෙයක් දැක නැති බවත්, යුරෝපයේ වෙනත් කිසිම රටක් මෙවැනි දෙයක් දකින්නේ නැති බවත්ය.

ස්වීඩනයේ පුද්ගලයන් 30,000ක් පමණ සමූහ අපරාධවලට සෘජුව සම්බන්ධ හෝ සම්බන්ධකම් ඇති බව පොලිසිය ගණන් බලා ඇති අතර ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රධාන නගරවල සිට කුඩා නගර දක්වාම ව්‍යාප්ත වී ඇත. ඒ අනුව, ෆොක්ස්ට්‍රොට් ජාලය ලෙස හඳුන්වන අපරාධ කල්ලි හා ප්‍රතිවාදී කල්ලි අතර සාපරාධී ගැටුම් මේ වන විට රටේ ආරක්ෂාවට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවට පත්ව ඇත.

ක්‍රිස්ටර්සන්ගේ මධ්‍ය-දක්ෂිණාංශික ආන්ඩුව පසුගිය වසරේ බලයට පත්වූයේ අපරාධ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරන බවට පොරොන්දු වූ නමුත් මෙතෙක් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට සමත් වී නොමැත. ඉහළ යන අපරාධ මට්ටම් සහ අනෙකුත් සමාජ ගැටලු වෙනුවෙන් බොහෝ දෙනා හේතු වශයෙන් සඳහන් කරන්නේ, වගකීම් විරහිතව මැදපෙරදිග සහ අප්‍රිකාවෙන් සරණාගතයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පිළිගැනීමයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...