*
Monday, September 30, 2024
spot_img

Latest Posts

ගාල්ල ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ගලන වේල්ලක් බවට පත් වෙයි

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 30, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට ඉණිමක ජයක් අත් කර දෙමින්ය.එම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.
තරගයේ තීරණයට ගාලු ක්‍රීඩාංගණයේ කාසියේ වාසියේ බලපෑම මෙන්ම පළමුව පන්දුවට පහර දී ගොඬ නඟන හොඳ ලකණු සංඛ්‍යාවක් සහිත පළමු ඉණිමක් ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අතිශයින් වැදගත් වනු ඇති බවත්,ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එවැනි පසුබිමක් මේ තරගය වෙනුවෙන් නිර්මාණය කළහොත් තරගය ජය ගත හැකි බවත් අප කීහ.එසේම දෙපිළේම පළමු ඉණිම් නිමාවේ දී මේ තරගයට දින පහක් අවශ්‍යය නොවන බවත්,නවසීලන්තය පරාජය නොවී සිටියහොත් ඒ වර්ෂාව වැනි දෙයකින් පමණක් බවත් ද අප කීහ.ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැකියාව ගැන මෙන්ම ගාලු ක්‍රිකට් පොළවේ හැඩහුරුකමට ඒ හැකියාවන් කෙතරම් හොඳට ගැලපේ ද යන්න කියවා ගත් අත්දැකීමෙන්ය.


ඊයේ දිනයේ ඒ සියල්ල යථාර්තයක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැකියාවට හැකි විය.ශ්‍රී ලංකාව මෑත කාලයේ ගාලු ක්‍රීඩාංගණයෙන් මංගල ටෙස්ට් වරම් ලබා දෙන බොහෝ ක්‍රීඩකයින් මෙන් කෝඩුකාර නිශාන් පීරිස් ද සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ඉණිමක කඩුලු පහක් ලබා ගනිමින් එම දස්කම සිඳු කළ හත්වන ලාංකේය ක්‍රීඩකයා බවට පත් විය.නිශාන් මේ තරගයේ දී ඉණීම දෙකේදී කඩුලු 3 ක් සහ 6 ක් පිළිවෙළින් ලකුණු 33 ට සහ 170 ට දවා ගන්නට සමත් විය.
වේග පන්දු යවන්නන් වූ අසිත ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක තරග නරඹන්නන් බවට පත් කළ ප්‍රභාත් ජයසූරිය ද මේ තරයේ දී පළමු ඉණිමේ කඩුලු 6ක් සහ දෙවන ඉණීමේ කඩුලු 3 ක් දවා ගනිමින් ජයග්‍රහණයට දායක වූයේ පළමු තරගයේ දී ද කඩුුලු 9 ක් එකතු කරගෙන සිටි බැවින් තරගාවලියේ කඩුලු අස්වැන්න කඩුලු 18 ක් බවට පත් කරමින්ය.ඒ නිසාම තරගාවලියේ වීරයා ලෙස නම් කළේ ප්‍රභාත් ජයසූරිය ය.


කෙසේ වුවත් පීඩාකාරී ලකුණු ප්‍රමාණයක් හඹා යන්නට තිබෙන මොහොතක ආරක්ෂාව වෙනුවට ආක්‍රමණය තෝරා ගත යුතු බව පළමු ඉණිමේ දී ලකුණු 88 ට දැවී ගිය පසු සිය රටාව වෙනස් කරමින් නවසීලන්ත පිතිකරුවෝ විශ්වාසයට ගත්හ.ඒ විශ්වාසය තහවුරු කරමින් නවසීලන්ත පිතිකරුවන් සිව් දෙනෙකුම අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙන ඉණිම් දියත් කළහ.ඒ අතරින් වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 78 ක් රැස් කළ ග්ලේන් පිලිප්ස් ය.මිචෙල් සැන්ට්නර් (67),ඩොවොන් කොන්වේ (61) සහ ටොම් බ්ලන්ඩෙල් (60) අර්ධ ශතකලාභි සෙසු පිතිකරුවෝ වූහ.


දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ලැබූ ඉණිමක සහ ලකුණු 154 ක ජයග්‍රහණයට මාවත සකසා දුන්නේ ශ්‍රී ලංකා පිිතිකරුවෝය.එම ඉණිමේ වාර්තා වූ ශතක ත්‍රිත්වය අතරින් ටෙස්ට් වාර්තා පොත අලුත් කළ සහ ශ්‍රීමත් බ්‍රැඩ්මන් සමඟ වේගවත් ටෙස්ට් ලකුණු දහසේ කඩඉම මත සමව සිට ගත් කමිඳු මෙණ්ඩිස් ලැබූ ලකුණු 182 ඔහුව තරගයේ වීරයා බවට පත් කළේය.
තරගය අවසානයේ ධනංජය ද සිල්වා පැවසූ වචන මිහිරිය.ජයග්‍රහණය වෙනුවෙන් කළ යුුතු දේ නොදැන හෝ එය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමේ උත්සාහයේ සාර්ථක තැනකට පැමිණ සිටින බව ඔහු විශ්වාසයෙන් සඳහන් කළේය.එය තව දුරටත් අත්හදා බැලිය යුතු,ස්ථාවර කර ගත යුතු,කැපවීම් කළ යුතු වැඩ සැළසුමක කණ්ඩායම නිරත වෙමින් සිටින බව ද ධනංජයගේ අදහසය.


මේ ජයග්‍රහණයත් සමඟ පරාජයත් සමඟ පතුරු ගසන තේරීම් කමිටුව හෝ ඒ සියල්ලටම පහසුකම් සපයා දීම හැරෙන්නට,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තේරීම අනුමත කිරීමට රටේ ක්‍රීඩා පණතෙන්ම බලය නැත.එහෙත් පැවරුණු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට බැණුම් අසන ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ජයග්‍රහණයේ දී කිසිවෙකුට සිහිවන්නේවත් නැත.හෙට යම් හෙයකින් පරාජය වුවහොත් බිත්තියට හිර කර පහර කන්නට බලා සිටිය යුතු කණ්ඩායම් දෙක වන්නේ තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ය.
භෞතිකව සියල්ල නිවැරදිව සිඳුවන කායික හා මානසික ස්ථාවරය ක්‍රීඩකයන්ගෙන් පිළිඹීඹු වන්නේනම් ඒ මොහොත අතිශයින් වැදගත්ය.එහිදී ස්වීය වෘත්තිය මට්ටම විවිධ හේතූන් මත සසල කර නොගැනීමට ඇති හැකියාව ක්‍රීඩක මනසේ තිබිය යුතුය.පරාජයකදී විවේචනය පවතින සමාජ මාධ්‍ය විචාරයන් සමඟ වඩා නිර්දය වීමට සහ අසාධාරණ සහ විනාශකාරී ප්‍රහාරයන් වීමට ඇති ඇත්ත ඉඩ ක්‍රීඩකයින් කියවා ගත යුතුය.ඒ සඳහා සූදානම් කිරීමේ මාර්ගෝපදේශනය සහිතව දරා ගැනීමේ ගුණය පළල් කර ගෙන යථාර්තයට මුහුණ දීම වැදගත්ය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හැකියාවට වඩා ගෙවුණු මෑත කාලයේ සාර්ථකත්වය වූයේ ඔවුන් දරා ගැනීමේ තත්ත්වයෙන් පෝෂණය වී ඇති බවය.හතරේ සීමවේ ඇතුළතට පිට කිසිවක් රැඟෙන නොයන මට්මට මනස වර්ධනය වූ ක්‍රීඩකයෙක් ලෙස වෘත්තීය මට්ටමෙන් පොහොසත් වුවහොත්,මේ වන විට ටෙස්ට් කණ්ඩායම් අතර තෙවන තැන සිටින රටේ ක්‍රිකට් තව දුරටත් පොහොසත් කළ හැකිය.
නවසීලන්තය පැමිණි හැඩයෙන් නැවත පිටත් නොවන්නේය.පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කරන්නට හැකිය යන විශ්වාසය පළුඳු කරමින් ශ්‍රී ලංකාව ඔවුන්ව පහසුවෙන් පරාජය කර පිටමං කර අවසන්ය.දැන් බටහිර කොදෙව් තරගාවලිය පැමිණ තිබේ.මේ ජයග්‍රාහි මානසිකත්වය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් බැවින්,එය කළමණාකරණය කර,විශ්වාසය සැහැල්ලුව මට්ටමට පත්වීම වැළක්වීමට පියවර ගත යුතුය.පහසු යනු සැහැල්ලුව නොවන රේඛාව හරියට හඳුනා ගෙන විශ්වාසයේ ශක්තිය දිය නොකළහොත් ශ්‍රි ලංකාවට තවත් පහසු ජයග්‍රහණ භුක්ති විඳින්නට ඉඩ ලැබෙනු ඇත.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ ලකුණු පූවරුවය.
https://es.pn/3N1cVzN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan