චීන අග්‍රාමාත්‍ය Li Qiangගෙන් මෙරට නව අග්‍රාමාත්‍යවරියට සුබ පැතුම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

Li Qiang මහතා එහිදී සඳහන් කර ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ දීර්ඝ ඉතිහාසයක් පවතින බවයි.

මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වය සෑම විටම එකිනෙකාට ගරු කරමින්, සමානව සලකමින්, උපකාර කරමින් දෙරට අතර සබඳතා ස්ථාවර සංවර්ධනයක් දක්වා පවත්වා ගෙන ගොස් තිබෙන අතර, දෙරට නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමටත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් අගමැතිතුමිය සමග කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...