දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

අද (30) දිනයේ දී ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ යම් තැනැත්තෙක් එම ගෙවීම් පැහැර හරින්නේ නම් හෝ ප්‍රමාද වීම් සිදු කරන්නේ නම් නීති ප්‍රකාරව දණ්ඩනයකට හා පොලියකට යටත් කිරීමක් සිදුකරන බවත්, එමෙන්ම කිසියම් තැනැත්තෙකු විසින් ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු පවතින්නේ නම් ඒ සියල්ල ද ඔක්තොබර් මස 30වන දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු ව තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟ බදු පවතින්නේ නම් ඒවා අයකර ගැනීම සදහා දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1944 දුරකතන අංකය ඔස්සේ අවස්ථාව සලසා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!