ජනාධිපති කාර්යාලය අසල ගාල්කර ඇති වාහන 107ක් ගැන නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.

එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බවත් ඒවා කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එම රථ වාහන භාවිත කළ අයගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් …..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...