ජපානයේ කෘෂි ක්ෂේත්‍රයේ උපාධියක් සහ පුහුණුවක් ලබාගැනීමට මෙරට තරුණයින්ට අවස්ථාව

Date:

ජපානයේ කෘෂි ක්ෂේත්‍රයේ වසර හතරක පුහුණුවක් ලංකාවේ තරුණයින්ට ලබාදීම සදහාත්, ගාල්ල දිස්ත්‍රික්කය ජපානයේ Gojo නගරය සමග සහෝදර නගරයක් ලෙස සංවර්ධන කටයුතු සදහා සම්බන්ධ කර ගැනීම සදහාත් වන සාර්ථක සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබේ.

ඒ, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ජපානයේ Gojo නගරයේ නගරාධිපති Yoshinori Ohta, ප්‍රධාන විධායක නිලධාරී Noriyuki Minami, ජපාන පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ Iwao Horii, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Iwase Kiichiro, ජපාන ලංකා මිත්‍රත්ව සංගමයේ Kawai Hiromi ඇතුළු ජපාන නියෝජිත කණ්ඩායමක් සමග ජපාන පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය.

මේ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව තරුණයින්ට ජපානයට පැමිණ කෘෂි ක්ෂේත්‍රයේ වසර හතරක උපාධි පාඨමාලාවක් සහිත පුහුණුවක් ලබාගැනීමට හැකි අතර එම කාලය තුළදී ජපානයේ නිවාසවල පදිංචිව දෙරටේ සංස්කෘතික හුවමාරුවක් සදහාද අවස්ථාව විවෘත වනු ඇත. එහිදී විශේෂයෙන්ම නවීන කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම සිසු හුවමාරු වැඩසටහන ආරම්භ කිරීමට පෙර Gojo නගරයේ පාසල් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සමග අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් හුවමාරුව වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

ජපාන – ශ්‍රී ලංකා ද්වි පාර්ශවික සම්බන්ධතා සදහා වසර 70 ක් සම්පූර්ණවීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජපන් රැකියා සම්බන්ධතා නියෝජිත ප්‍රධානී ආචාර්ය රුවන් පෙරේරා මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...