මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් මම නඩු දෙකෙන්ම නිදොස්කොට නිදහස් වුණා – ගම්මන්පිල

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට අදාලව නඩු දෙකක් පැවරූ නමුත් තමන් ඒ නඩු දෙකෙන්ම අවසානයේදී නිදොස්කොට නිදහස් වූ බවත් මෙය ද්වේශසහගත නඩු පැවරීමක් යැයි අධිකරණය පවා පිළිගත් බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“කූඨ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරලා කොටස් විකිණීමක් පිළිබඳව තිබුණු දෙවැනි නඩුවෙනුත් අද දින මාව නිදොස්කොට නිදහස් කළා. මේ සම්බන්ධයෙන් නඩු දෙකක් වුණේ එකම නඩුව දෙකට කඩලා මාව පීඩාවට පත්කිරීමේ අරමුණින් තමයි නඩු දෙකක් ගොනුකරලා තිබුණේ. පහුගිය කාලේ මාලිමා ඩෝබි බලකාය මේ නඩුවෙන් මාව හිරේ දානවා කියලා සමාජ මාධ්‍ය පුරා වහසි බස් දොඩලා තිබුණා, නමුත් අවසානයේදී යුක්තිය ජයගත්තා. මගේ වසර 27ක දේශපාලන ජීවිතය පුරාවට හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් පිළිබඳව මට සතුරෙක්වත් චෝදනා නඟලා තිබුණේ නෑ. ඒ නිසා තමයි මට එරෙහිව පැමිණීල්ලක් කරන්න කිසිවෙක් ලංකාවෙන් සොයාගන්න බැරිව, ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරපු, වංචාවලට වැරදිකරු වුණු වයසක සීයා කෙනෙක්ව ලංකාවට ගෙනල්ලා පැමිණිල්ලක් කිරීමට මගේ විරුද්ධවාදීන්ට සිදුවුණේ. අද නඩු තීන්දුවෙදීම සඳහන් වුණු පරිදි ඔහු තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අධිකරණයේ වැරදිකරු බවට පත්වුණු වංචනිකයෙක්. මේක ද්වේශසහගත නඩු පැවරීමක් කියන එක අධිකරණය විසින්ම තීරණය කරලා තියෙන නිසා දේශපාලකයින්, සමහර පොලිස් නිලධාරීන්, සමහර නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගෙන මේ නීතිය අවභාවිතා කරන ආකාරය රටට හෙළිකරන්න ‘මගේ අවනඩුව’ නමින් මම ඉදිරියේදී පොතක් ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ගොනුකර තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ යළි වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ...

කථානායක නිල නිවසේ බඩු පොත අතුරුදන් – කළමනාකරු අල්ලස් කොමිසමට දැනුම් දෙයි !

කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත (Inventory book) අතුරුදන්ව...

කටුනායක ගුවන් තොටුපොලේ ස්මාර්ට් ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක්...

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන මිල ගණන් හමුවේ ඉන්ධන සහනාධාරයට මොකද වෙන්නේ ? ඇමති නලින්ද කියපු කතාව

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල...