සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දියාව හඬ අවදි කරයි

Date:

සීක් නායකයක හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කැනඩාවේ විමර්ශනයට සහයෝගීව කටයුතු කරන ලෙස එක්සත් ජනපදය ඉන්දියාවෙන් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයෂන්කර් වොෂින්ටන් ඩීසී හිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හා සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමුවී කැනඩාවේ තත්වය පිළිබඳව සාකච්ජා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ඊයේ(29) දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජයෂන්කර් ප්‍රකාශ කර තිබුණේ, කැනඩාව විසින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන සීක් බෙදුම්වාදී ව්‍යාපාරයේ ආධාරකරුවන්ට සහය ලබා දීම පිළිබඳව ඉන්දියාව කනස්සල්ලෙන් සිටින බවත්, සංවිධානාත්මක අපරාධ සඳහා රැකවරණය ලබා දෙමින් ටෘඩෝ කරනු ලබන චෝදනාවන් පැහැදිලිවම ඉන්දීය ප්‍රතිපත්තියට අනුකූල නොවන බවත්ය.

ජයෂන්කර් මෙහිදී වඩාත් අවධාරණය කර තිබුණේ, එක්සත් ජනපදය සහ ඉන්දියාව කැනඩාව වෙනස් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව පිළිගනු ලැබූ බවයි.

එමෙන්ම කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් තානාපති කාර්යාලයට හෝ කොන්සල් කාර්යාලවලට යාම අනාරක්ෂිත බව ප්‍රකාශ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා කැනඩාවේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව කැනේඩියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන කරමින් පවතින බවත් සඳහන් කර තිබිණි.

මේවන විට කැනඩාවේ සමීපතම සගයා වන එක්සත් ජනපදය බීජිං සමඟ වොෂින්ටනයේ වැඩෙන තරඟය මධ්‍යයේ ආසියා-පැසිෆික් කලාපයේ චීනයට අභියෝගයක් ලෙස වැඩෙන ඉන්දියාව සමඟ සබඳතා ගැඹුරු කරමින් සිටීයි.

ඊයේ(29) පැවති ජයශංකර් සහ බ්ලින්කන් අතර හමුව විස්තර කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කැනඩාව හෝ නිජ්ජාර් ඝාතනය ගැන පිළිබඳව කිසිවක් සඳහන් කර නොමැති අතර ඒ වෙනුවට ඔවුන් සඳහන් කර තිබුණේ, සෞදි අරාබිය සහ ඊශ්‍රායලය හරහා දුම්රිය මාර්ගය ඇතුළුව, ඉන්දියාවේ සිට යුරෝපයට වෙළඳ කොරිඩෝවක් නිර්මාණය කිරීමේ එක්සත් ජනපදයේ තැරැව්කාර ව්‍යාපෘතිය ජනාධිපති ජෝ බයිඩෙන් ප්‍රධාන ජයග්‍රහණයක් බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...