*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

හිතුමනාපෙට විදුලිය ගාස්තු වැඩි කිරීම අසාධාරණයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනතාව ගැන නොහිතා හිතුමනාපෙට විදුලිය ගාස්තු වැඩි කිරීම මඟින් ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී. ආර්.අතුල මහතා පවසයි.

යළි විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම මඟින් පෙනී යන්නේ, විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බවත්, දැඩි ලෙස වර්ෂාව ඇදහැලෙන බැවින් ජල විදුලිය වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි නිසා, එහි සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු කියා සිටී.

ජල විදුලිය හා ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදනය කරන විදුලිය නිවැරැදි ව කළමනාකරණය කරගත යුතු බවත්, එසේ නොකර විදුලි බිල වැඩි කරමින් සිදු කරන මෙම ක්‍රියාව ඉතා විහිළු සහගත බවද සභාපති එම්.ඩී. ආර්.අතුල මහතා පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan