Travis Kelce ගේ මව අසලින් වාඩි වී Taylor Swift බැලීමට ගිය තරඟය!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):

21 වන සියවසෙහි කැපී පෙනෙන තරුවක් වූ ඇය නමින් “Taylor Swift” ය. ඇය ඇමරිකානු ගායිකාවක් මෙන්ම ගීත රචනයට ද ලොල් වූ අයෙකි.

මෑතක දී ඇය සහ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙක් වන Travis Kelce සමඟ පෙම් පලහිලව්වක පැටලී ඇතැයි ගොසිප් රාශියක් පට බැඳී තිබුණි. එවන් වකවානුවක ඔන්න ගොසිප්කාරයන්ගේ ඇස් උඩ යවන්නට කඳිම තොරතුරක් වාර්තා විය.

මිසූරි හි කැන්සාස් නගරයේ ඇරෝහෙඩ් ක්‍රීඩාංගනයේ කැන්සාස් සිටි චීෆ් සහ චිකාගෝ බෙයර්ස් අතර පැවති තරඟයක් අතරතුරදී Travis Kelce ගේ මව අසල අසුන්ගෙන සිටි Swift ගේ ඡායාරූප සමාජ මාධ්‍ය කළඹන්නට විය.

චීෆ් ලා එම තරඟයේ පෙරමුණ ගත් අතර එහිදී Swift කෑ ගසමින් තම සතුට ප්‍රකාශ කිරීම කැමරා කාචයේ සටහන් වී ඇති අයුරු දක්නට ලැබිණි.

කවුද මේ Taylor Swift ගේ නම එක්ක පැටලුණු ට්‍රැවිස්?

ට්‍රැවිස් මයිකල් කෙල්ස් 1989 ඔක්තෝබර් 5 උපත ලැබූ ඔහු ජාතික පාපන්දු ලීගයේ (NFL) කැන්සාස් සිටි චීෆ් කණ්ඩායමේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකි. පසුගිය දිනවල ඔහු සහ ජනප්‍රිය ගායිකා Taylor Swift ඩේට් කරන බව ආරංචි විය.

Taylor Swift – Travis Kelce ප්‍රේමයේ පහස විදින බවට පල වුණු කටකතා වල යම් ඇත්තක් තියෙනවා කියන සැකය අපිට මේ සමඟින් ඔලුවට එන දෙයක්. එයාලාගේ කිසිම බැඳීමක් නැතිනම් Swift මොකද Travis ගේ අම්මා එක්ක කරන්නේ?

මේ ප්‍රශ්නය මෙන්ම එක එක නිඟමනයන් ඉදිරිපත් කරමින් විවිධ වාර්තාමය වැඩසටහන් වලද ගොසිප් හෙඩ්ලයින් එකක් විදියට Taylor Swift, Travis Kelce ගේ අම්මා එක්ක ෆූට්බෝල් මැච් බලන්න ගිහින් කියලා කතාබහට ලක් වෙනවා.

මේ සමඟම Taylor Swift ගේ ප්‍රසිද්ධියේ මල්පල Travis ට ලැබෙමින් ඔහුගේ ෆෑන් බේස් එකේ වර්ධනයක් ද පෙන්නුම් කරන බවට සඳහන්. එපමණක් නොව Taylor ගේ රසිකයන් Travis ට චියර් කරමින් ඔවුන්ගේ ආදරයද ඔහුට ලබා දීමට කටයුතු කර තිබේ.

ටේලර් ස්විෆ්ට් ඇරෝහෙඩ් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයට සහභාගී වීමෙන් පසු ට්‍රැවිස් කෙල්ස් ජර්සි අලෙවිය සියයට 400 කින් වැඩි වී ඇති බවට ද වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...