*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

සැප්තැම්බරයත් ඉවරයි! රට තාමත් බංකොලොත්!උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

” ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගැනීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කවුරුත් කැමැති නැහැ. ඔබට සාමූහිකව මේ ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මා දන්නවා. එම නිසා මේ බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කරගැනීමට අප සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි “
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති මාධ්‍ය නිවේදනය
30.06.2023

අද සැප්තැම්බර් මාසයේ අන්තිම දවසය.

‘ඒත් අපි තවමත් බංකොලොත්නේ…’

බංකොලොත් පමණක් නොව ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම ෂුවර් නැහැ කියලා අයි.එම්.එෆ්. ලංකාවට දීමට නියමිත දෙවැනි ණය වාරිකය දින නියමයක් නැතිව කල්දමා තිබේ.

‘පසුගිය අවුරුද්ද පුරාම ජනාධිපතියි, ආණ්ඩුවයි මාධ්‍යයි කීවේ ඔක්කොම හරි කියලානේ…’

ජනාධිපතියි, ආණ්ඩුවයි, මාධ්‍යයි පමණක් නොව මහබැංකු අධිපතියි, මුදල් අමාත්‍යාංශ ලේකම් ලංකාවේ ආර්ථිකය ගොඩගන්න උපදෙස් දෙන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිත් කීවේ ඔක්කොම හරි කියලාය.

රනිල් ඔක්කොම හරි කිය කියා ජාත්‍යන්තර සමුළුවලට ගියේය. ලංකාවට පූර්ණකාලීන මුදල් ඇමැතිවරයෙක් අවශ්‍ය යැයි අයි.එම්.එෆ්. කීවේ ලංකාවට පයගහන්නත් පෙරය. ගෝඨා ජනාධිපති කාලයේ රනිල්ව අගමැති ධුරයට පත්කොට මුදල් ඇමැති ධුරය ඔහුගෙන් ඉවත් කරන්න ගෝඨා තීරණය කොට තිබිණි. ඒත් රනිල් ජනාධිපති වී මුදල් ඇමැති ධුරය ඔහු යටතේම තබාගත්තේය. ඔහු ජනාධිපති වී පසුගිය වසරේ ලංකාවේ සිටියාට වැඩිය හිටියේ පිටරටය. දෙවැනි වාරිකය ගැන කතා කරන්න අයි.එම්.එෆ්. නියෝජිතයෝ එද්දීත් ඔහු හිටියේ පිටරටය. සති දෙකට ඔහු තුන්වරක් රට ගියේය. රටක් බංකොලොත්භාවයෙන් ගොඩගන්න මුදල් ඇමැතිවරයෙක් පැය 24ම වැඩකරන්න ඕනෑය. මුදල් ඇමැති කෙනෙක්ගෙන් ඉටුවිය යුතු ඒ වැඩේ රනිල්ගෙන් ඉටුවී නැති බව දැන් පැහැදිලිය.

කවුද මේ මහබැංකු අධිපති නන්දලාල්…?’

නන්දලාල් ගෝඨා සමග අමනාප වී මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරයෙන් ඉවත් වන විට ඔහුගේ දියණිය මුහුණු පොතේ සටහනක් තබමින් කීවේ තම පියා ප්‍රධාන පක්ෂ දෙක බලයට ආ විට ඔවුන්ට ගැතිකම් කළ බවට පක්ෂ දෙකම ඔහුට නිකරුණේ චෝදනා කරන බවය. දුවගේ ඒ සටහන සහතික ඇත්තය. නන්දලාල් හැමදාම කළේ පක්ෂවලට ගැතිකම් කරන එකය. ඔහුව මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස පත්කළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටපු මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල්ය. ඔහු ඒ කාලයේ ඔහුට සර් කිය කියා හිටියේය. 2015 මෛත්‍රී – රනිල් ආණ්ඩුව බලයට පත්වී අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති වූ විට ඔහුට සර් කිය කියා ගියේය. ජනාධිපති මෛත්‍රී අර්ජුන් මහේන්ද්‍රන්ව එළවන්න තීරණය කරද්දී ඔහු මෛත්‍රීට සර් කිය කියා අර්ජුන්ට ගැහුවේය. ඔහු මෛත්‍රීගෙන් මහබැංකු අධිපතිකම බලාපොරොත්තු විය. ඒත් රනිල් ඔහුට දෙන්න දුන්නේ නැත. මහබැංකු අධිපති වූයේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය. ඊට පස්සේ නන්දලාල් ඔහුට සර් කිය කියා ගියේය. 2019 ගෝඨා බලයට ඇවිත් අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමැති වූ විට නන්දලාල් ඔහුට ආයෙත් සර් කියාගෙන ආවත් තමා හදපු නන්දලාල් තමාට කෙළවපු හැටි මතක තියාගෙන කබ්රාල් ඔහුට ගේම දුන්නේය. ගෝඨාභය නන්දලාල්ව මහබැංකුවේ ඊ.ටී.අයි. ගනුදෙනුවේ හොරකම් ගැන ප්‍රශ්න කරන්න රහස් පොලිසියට ගෙන්නුවේය. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝෂියස් නන්දලාල් මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි කොමිෂන් වාර්තාව චෝදනා කරන නිසා ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු යැයි අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළේය.
මේ නන්දලාල්ගේ ඉතිහාසයය. ලංකාව බංකොලොත් කළේ මුදල් ඇමැතිවරු පමණක් නොව මුදල් ඇමැතිගේ පදයට නටපු මහබැංකුවද එයට වගකිව යුතුය. මොහු ඒ මහබැංකුවේ හිටපු ප්‍රධාන පෙළේ නිලධාරියෙකි. මුදල් ඇමැතිවරු ලංකාව ලෝකයට ණය කරද්දී ණය ගන්න උපදෙස් දුන් මහබැංකු නිලධාරීන් අතර ඔහුත් ප්‍රධාන චරිතයකි.

එතකොට නන්දලාල් ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගනියි කියලා හිතන මිනිස්සුත් ලංකාවේ ඉන්නවද…?’

ලංකාවේ කරුමය ඒකය. ගෝඨාභය, නන්දලාල්ව මහබැංකු අධිපති ධුරයට පත්කළ දින සිට ඔහු වැඩ කළේ ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයකු වීමට හෝ අයි.එම්.එෆ්. සංවිධානයේ ලොකු තනතුරක් ගන්නටය. රවි මුදල් ඇමැති වෙලා ගත්ත ලොව හොඳම මුදල් ඇමැති සම්මානය දුන් සඟරාවේ ් වර්ගයේ මහබැංකු අධිපතිවරයෙක් වෙන්න ඔහු පසුගිය කාලයේ ලොකු උත්සාහයක් අරගෙන වැඩේ කරගත්තේය. අන්තිමේදී තවම රට බංකොලොත්ය. නන්දලාල් ් වර්ගයේ මහබැංකු අධිපතිවරයෙකි.

කවුද මේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන…?’

මහින්ද සිරිවර්ධන අවුරුදු 30ක් මහබැංකුවේ හිටපු නිලධාරියෙකි. ඔහුත් මුදල් ඇමැතිවරු යටතේ රට බංකොලොත් කරන්න උපදෙස් දුන් නිලධාරියෙකි. ඔහුව ලේකම් ධුරයට පත් කළාට පසුව ඔහු කාලය වැය කළේ මහා භාණ්ඩාගාරයේ සල්ලි නැහැ කියමින් රනිල්ට පුංචි ඡන්දය කල් දමලා දෙන්නටය. ඔහු වරක් උසාවියට කීවේ ඡන්දෙ තිබ්බොත් අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ කඩාකප්පල් වෙයි කියාය. දැන් අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ කඩාකප්පල් වී ඇත්තේ මුදල් ඇමැති රනිල්, මහබැංකු අධිපති නන්දලාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ අයි.එම්.එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දෙන කුමාරස්වාමි රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම පසෙක දමා තම තමන් බංකොලොත්භාවයෙන් නිදහස් වීමට අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ පාවිච්චි කිරීම නිසාය. රනිල්ට ඡන්දෙ කල් දමන්න මහින්ද සිරිවර්ධන ගහපු චක්‍රලේඛ ටික ආර්ථිකය ගොඩගන්න ගැහුවා නම් අද රට බංකොලොත්භාවයෙන් නිදහස්ය.

‘කවුද මේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි…?’

කුමාරස්වාමිගේ නම ලෝකයේම ප්‍රසිද්ධ වූයේ රාජ් රාජරත්නම්ගේ දූෂිත ගනුදෙනුවලටය. අයුතු ලාභ ඉපැයීමේ වරදට ඇමෙරිකාව විසින් 2011 හිරේට දැමූ රාජ් රාජරත්නම්ගේ උපදේශකවරයෙක් ලෙස කුමාරස්වාමි සේවය කළේය. ඔහුත් 1973 සිට මහබැංකුවේ සේවය කරමින් ලංකාව බංකොලොත් කරන්න දායක වූ නිලධාරියෙකි. ඔහුව මහබැංකු අධිපති ධුරයට පත් කරන්නේ මෛත්‍රී සහ රනිල් ආණ්ඩුවය. 2014 ඇමෙරිකානු ඩොලර් බිලියන 42.9ක් වූ ණය කන්ද 2019 වන විට ඩොලර් බිලියන 56ක් දක්වා ඉහළට යන්නේ ඔහු මහබැංකු අධිපතිව සිටියදීය. ලංකාව බංකොලොත්භාවයෙන් මුදාගන්න රනිල් උපදෙස් ගත්තේ ඔහුගෙන්ය. ඔහු මේ ළඟදී ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් අපූරු උපදෙසක් දී තිබිණි. එනම්, ඡන්ද පැවැත්වීමෙන් ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම අවුල් වන බවය.

එතකොට මේ යන විදියට ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කළ නොහැකි යැයි අයි.එම්.එෆ්. කියන්නේ ඡන්ද තියලද…?’

1977 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක් වූ ලංකාවේ ණය 2023 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 46.89ක් වී ඇත. 2022 රනිල් ජනාධිපති වී නන්දලාල් මහබැංකු අධිපති ලෙස, සිරිවර්ධන ලේකම් ලෙස, කුමාරස්වාමි උපදේශක ලෙස ඩොලර් බිලියන 40.12ක් තිබූ ණය ඩොලර් බිලියන 46.89ක් 2022 දෙසැම්බර් සිට 2023 මාර්තු දක්වා වැඩිකර දී ඇත. 1977 සිට මේ දක්වා රනිල් ඇමැතිකම්, අගමැතිකම් ජනාධිපතිකම් කර ඇත. නන්දලාල්ලා, සිරිවර්ධනලා, කුමාරස්වාමිලා මහබැංකුව මෙහෙයවා ඇත.

ඔවුන්ගේ කෙරුවාව කොහොමද කියනවා නම් අවුරුද්දක් යන විට ඔවුන් හදලා තියෙන්නේ ඉන්න හිතෙන රටක් නොව යන්න හිතෙන රටකි.

රට බංකොලොත්භාවයෙන් මුදාගන්න මේ ටීම් එකට පුළුවන්ද…?’

බැරිය.

ඒකට අලුත් නායකයෙක් අවශ්‍යය.

අලුත් ටීම් එකක් අවශ්‍යය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

 I Sri Lanka Latest News ( ඉරිදා මව්රට)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan