ශ්‍රී ලංකා – කොදෙව් ප්‍රවේශපත් මිලදී ගන්නේ මෙහෙමයි

Date:

ටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවත්වෙන විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග වෙනුවෙන් නිකුත් කෙරෙන ප්‍රවේශපත්වල මිල ගණන් සහ ඒවා ලබා ගත හැකි ආකාරය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර ඇත.


මේ තරගාවලියේ දී විස්සයි විස්ස තරග තුනම දඹුල්ල රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දි පැවත්වෙන අතර එම තරග පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 13,15 සහ 17 යන දිනවලදී යි.එක්දන තරග තුන ඔක්තෝම්බර් 20,23 සහ 26 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ටිකට් මිලදී ගැනීම මාර්ගගත ක්‍රමයට කරන පිරිස වෙනුවෙන් ඔක්තෝම්බර් 6 වන දා සිට පහසුකම් සපයා ඇති අතර www.srilankacricket.lk හරහා එම මිලදී ගැනීම් සිඳු කිරීමට අවස්ථාව ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කොළඹ විද්‍යා මාවතේ පිහිටි සිය ටිකට් කවුන්ටරය ඔක්තෝම්බර් 10 වන සිට විවෘත කර පවත්වාගෙන යයි.විස්සයි විස්ස තරග ප්‍රවේශපත් තරග පවත්වන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් අලෙවි කෙරේ.
ඔක්තෝම්බර් 18 වන දින සිට එක්දින තරග ප්‍රවේශපත් සඳහා පල්ලෙකැලේ ක්‍රීඩාංගන ප්‍රවේශපත් කව්ළුව විවාතව තැබෙන අතර එක්දින තරඟ දිනවලදී ප්‍රවේශපත් බලගොල්ල අබීත පිටියෙන් ලබා ගැනීම සඳහා ද පහසුකම් සළසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...