ශ්‍රී ලංකා – කොදෙව් ප්‍රවේශපත් මිලදී ගන්නේ මෙහෙමයි

Date:

ටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 29, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවත්වෙන විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග වෙනුවෙන් නිකුත් කෙරෙන ප්‍රවේශපත්වල මිල ගණන් සහ ඒවා ලබා ගත හැකි ආකාරය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කර ඇත.


මේ තරගාවලියේ දී විස්සයි විස්ස තරග තුනම දඹුල්ල රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දි පැවත්වෙන අතර එම තරග පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 13,15 සහ 17 යන දිනවලදී යි.එක්දන තරග තුන ඔක්තෝම්බර් 20,23 සහ 26 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.
මෙම ටිකට් මිලදී ගැනීම මාර්ගගත ක්‍රමයට කරන පිරිස වෙනුවෙන් ඔක්තෝම්බර් 6 වන දා සිට පහසුකම් සපයා ඇති අතර www.srilankacricket.lk හරහා එම මිලදී ගැනීම් සිඳු කිරීමට අවස්ථාව ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කොළඹ විද්‍යා මාවතේ පිහිටි සිය ටිකට් කවුන්ටරය ඔක්තෝම්බර් 10 වන සිට විවෘත කර පවත්වාගෙන යයි.විස්සයි විස්ස තරග ප්‍රවේශපත් තරග පවත්වන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් අලෙවි කෙරේ.
ඔක්තෝම්බර් 18 වන දින සිට එක්දින තරග ප්‍රවේශපත් සඳහා පල්ලෙකැලේ ක්‍රීඩාංගන ප්‍රවේශපත් කව්ළුව විවාතව තැබෙන අතර එක්දින තරඟ දිනවලදී ප්‍රවේශපත් බලගොල්ල අබීත පිටියෙන් ලබා ගැනීම සඳහා ද පහසුකම් සළසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...