දෙවන පුහුණුවත් දිනයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 01, (LNW) කොළඹ :

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය දෙවන පුහුණු තරගයද කඩුලු 5 න් ජය ගන්නට සමත් වුණා.කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පහසුවෙන් පන්දුවට පහර දෙන්නට ඉඩ ලබා දුන්නේ නැහැ.තරගයට සහභාගි වූ පන්දු යවන්නියන් අට දෙනෙකුම යොදා ගනිමින් ලෝක කුසලාන තරගවලට පෙර යම් පෙර පුහුණුවක් ලබා දෙන්නට නායිකා චමරි අතපත්තු මෙහිදී උත්සාහ ගනු ලැබුවා.ඒ අතරින් වඩාත් සාර්ථක වූ උදේශිකා ප්‍රබෝධනී ලකුණු 3 ට කඩුලු 2 ක් සහ සචිනි නිසංසලා ලකුණු 10 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වූ අතර පන්දු යවන්නියන් අතරින් සිය පන්දු ඕවර් 4 ම යැවීම සඳහා යොදා ගත්තේ සචිනි නිසංසලා පමණක් විම ද කැපී පෙණුනා.

පිළිතුරු ඉණිමට පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකාවට ද ස්කොට්ලන්නට මුහුණ දුන් ඉරණමට සමාන ඉරණමක් අත් කර දෙමින් පළමු කඩුලු 2 ම ලකුණු 3 ක් වෙද්දී දවා ගන්නට ස්කොට්ලන්ත පන්දු යවන්නියන් සමත් වුණා.නැවතත් චමරි අතපත්තු මෙන්ම විශ්මි ගුණරත්න ද අසාර්ථක වීම නිසා තරගයේ බර හර්ෂිතා සමරවික්‍රම සහ කවීශා දිල්හාරි පිට පැටවුණා.ඒ අතරින් හර්ෂිතාට ලබා ගන්නට හැකි වූයේ ලකුණු 9 ක් පමණක් වුවත්,ලකුණු පූවරුව 32 ක් වන තෙක් හර්ෂිතා කඩුල්ලේ රැදී සිටියා.

ඉනික්බිති කවීශා දිල්හාරි ලකුණු පූවරුව 51 ක් වන තෙක්ම කඩුල්ලේ රැදී සිට ලකුණු 27 ක් ලබා සිටියදී ඉණිම නවතා තරගයෙන් ඉවත් වුණා.සිව්වන කඩුල්ල ලෙස වාර්තා වූ එම ඉවත්වීමෙන් පසුව නැවතත් ලකුණු 51 දී ම හසිනි පෙරේරා ද දැවී යාමෙන් පසු ජයග්‍රහණය දක්වා තරගය තවත් කඩුලු නොදී රැඟෙන යන්නට අනුශ්කා සංජීවනී සහ අමා කාන්චනා සමත් වුණා.

තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://es.pn/4erzycy
ඡායාරූපයේ සිටින්නේ පිත්තෙන් දස්කම් පැ කවීශා දිල්හාරි සහ පන්දුවෙන් දස්කම් පෑ සචිනි නිසංසලා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...