ශවේන්ද්‍ර ඇතුළු හමුදා ප්‍රධානීන්ට යුද අපරාධ චෝදනා

Date:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හිටපු සහ වත්මන් හමුදා ප්‍රධානීන් පිරිසකට සම්බාධක පැනවීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය බාර අමාත්‍ය ජෙසී නෝමන් විසින් මෙම දැනුම් දීම සිදුකර ඇත.

මානව හිමිකම්, වගවීම ඇතුළු ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සමීපව සමාලෝචනය කරමින් සිටින බවත්, සම්බාධක පැනවීම ඇතුළු රාජ්‍යතාන්ත්‍රික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලනු ඇති බවත් ජෙසී නෝමන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන බෙත් වින්ටර් යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

යුද අපරාධ සිදුකර ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එල්ල වී ඇති චෝදනා මත මෙසේ සම්බාධක පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...