ශවේන්ද්‍ර ඇතුළු හමුදා ප්‍රධානීන්ට යුද අපරාධ චෝදනා

Date:

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හිටපු සහ වත්මන් හමුදා ප්‍රධානීන් පිරිසකට සම්බාධක පැනවීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා. විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලය බාර අමාත්‍ය ජෙසී නෝමන් විසින් මෙම දැනුම් දීම සිදුකර ඇත.

මානව හිමිකම්, වගවීම ඇතුළු ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය සමීපව සමාලෝචනය කරමින් සිටින බවත්, සම්බාධක පැනවීම ඇතුළු රාජ්‍යතාන්ත්‍රික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සලකා බලනු ඇති බවත් ජෙසී නෝමන් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන බෙත් වින්ටර් යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

යුද අපරාධ සිදුකර ඇති බවට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එල්ල වී ඇති චෝදනා මත මෙසේ සම්බාධක පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...