වසන්ත මුදලිගේ මල්වාන නිවසට අරන් ගියේ ඇයි ? හේතුව පැවසීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි

Date:

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පසුගියදා මල්වාන ප්‍රදේශයේ නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් නිවසක් ලෙස බොහෝ පාර්ශ්ව මෙම නිවස හඳුන්වන අතර මෙම නිවස සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද ක්‍රියාත්මක වේ.

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර මෙම නිවසටද හානි කර තිබිණි.

වසන්ත මුදලිගේ මහතාට අදාල නිවස වෙත රැගෙන ගියේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...