*
Friday, October 11, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/01

  1. 2023 අගෝස්තු මස ශ්‍රී ලංකා රුපියල “ආරක්ෂාකර” ගැනීමේ අරමුණින් 2023 ජූලි මස අවසානයේ ඇ.ඩො. මිලියන 467 ක් විදේශ විනිමය වෙළඳපොලට විකිණීම හරහා මහ බැංකුව රටේ භාවිතයට ගත හැකි ඇ.ඩො. මිලියන 2,465 ක් වූ විදේශ විනිමය සංචිතයෙන් 19% ක දැවැන්ත මුදලක් අහිමිකර ගනියි: “ගත වූ මාසවල සංචිත සමුච්චය මන්දගාමී වී ඇති” බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි: ඉදිරි මාසවල ශ්‍රී ලංකා රුපියලේ දැවැන්ත අවප්‍රමාණයක් වීමට ඉඩ සලසන මහ බැංකුවේ මෙම රුපියල ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය වහා නවතා දමනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
  2. දරිද්‍රතාවය සහ සංවර්ධනයක් සිදු නොවීමේ උගුලෙන් මිදී, ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කරමින් ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ඛි ෂෙන්හොංග් (Qi Zhenhong) පවසයි.
  3. ශ්‍රී ලංකාව තුළ හඳුනාගනු ලැබූ පිළිකා සහිත පුද්ගලයන්ගෙන් 26% ම පියයුරු පිළිකා තත්ත්වවලින් පෙළෙන අය බව ජාතික පිළිකා පාලන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු පවසයි: 37,648 වූ නව පිළිකා ආසාදිත පුද්ගලයන්ගෙන් 2020 වසරේ පියයුරු පිළිකා ඇති බවට හඳුනා ගත් පුද්ගලයන් සංඛ්‍යාව 5,329 බව පවසයි: 2019 වසර තුළ පිළිකා තත්ත්ව මත මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 15,599 බව ද පවසයි.
  4. ආන්දෝලනාත්මක කුරුන්දිමලේ විහාරය පිළිබඳ නඩුව විභාගකළ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවනරාජා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳව විමර්ශනය කරන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කරයි: තමාට “මරණ තර්ජන එල්ල වීම” මත තමා ධුරයෙන් ඉල්ලා අස්වූ බව විනිසුරුවරයා විසින් සඳහන් කර තිබිණි.
  5. විදුලිය ගාස්තු ඉහළ දැමීම මඟින් කර්මාන්ත ශාලා කඩා වැටෙනු ඇති බව විදුලි පරිභෝජකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසයි: විදුලිය ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව තම සංගමය ප්‍රතික්ෂේප කරන බව පවසයි: රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට අනුව නැටවෙන බවට අනතුරු අඟවයි.
  6. ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිඳු නිපා වෛරස ආසාදිත පුද්ගලයකු වාර්තා නොවූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසයි: සමාජ මාධ්‍ය තුළ සංසරණයවන සාවද්‍ය වාර්තා මත ජනතාව කලබල විය යුතු නැති බව අවධාරණය කරයි.
  7. 2022 වසර තුළ මාර්ග අනතුරු හේතුවෙන් දරුවන් 400 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිත මහාචාර්ය සමත් ධර්මරත්න පවසයි: නිසි ක්‍රියාමාර්ග නොගතහොත්, ඉදිරියේදී තවත් අහිංසක ජීවිත මේ අන්දමින්ම අහිමි විය හැකි බවට අනතුරු අඟවයි.
  8. ඔක්තෝබර් 03 වන දින සිට, බස්නාහිර පළාත හැර පළාත් 5ක “eRL2.0” නමින් වාහන බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කරයි: මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ “ඩිජිටල්කරණයේ” වැදගත් පියවරක් වනු ඇති බවට සඳහන්.
  9. කාමෝද්දීපන වීඩියෝ ඇතුළත් ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවිවල ශ්‍රී ලාංකීය යුවළවල් සිටින වීඩියෝපටවල ඉහළ යාමක් ගතවූ වසර කිහිපය තුළ නිරීක්ෂණය කළ හැකි බවට ආරංචිමාර්ග පවසයි: මෙම වීඩියෝපට අතුරින් බොහොමයක් පටිගත කොට උඩුගත කර හෝ අදාළ වෙබ් අඩවිවලට විකුණා තිබෙන්නේ එකී යුවළවල් වල එක් සහකරුවකු හෝ සහකරුවන් දෙදෙනොගේම අනුමැතියකින් තොරව බවට ද සැක පළවෙයි.
  10. හමුදා වත්කම් ද ඇතුළුව විදේශීය නැව් හෝ ගුවන් යානා සංචාර සඳහා නව “සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක්” (SOP) එළිදැක්වීමට රජය තීරණය කරයි: චීන යාත්‍රා වරායට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමුව තිබෙන පසුබිමක, එම ගැටළුව ආමන්ත්‍රණය කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත ය: ශ්‍රී ලංකාවේ වරායන් සහ මුහුදු ප්‍රදේශවලට ඇතුළු විය යුතු යාත්‍රා වර්ග සහ නැව්ගත කිරීමේ කාලසීමාව පිළිබඳ මාර්ගෝපදේශ සහ විස්තර මෙම මෙම සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට ඇතුළත් කිරීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan