නීපා ගැන බියවන්න එපා ! වසංගත රෝග විද්‍යා අංශය කියයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන්නේ, නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බවයි. එසේම, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ වන විට වාර්තා වී ඇත්තේ, නිපා වෛරස් රෝගීන් 06 දෙනෙකු පමණක් බවයි.

පසුගිය අගෝස්තු මාසය අවසානයේ සිට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආසාදිතයන් හමුවීම ආරම්භ වී ඇති අතර, හමුවූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවත්, පසුගිය 22 වැනි දිනෙන් පසු ඉන්දියාවෙන් කිසිදු නව ආසාදිතයෙක් හදුනාගෙන නොමැති අතර, ආසාධිත රෝගීන් සබඳතා ඇති බවට සැක කළ 700කට අධික පිරිසක් නිරෝධායනය කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ , නිපා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇති පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගය පැතිරයාම අවම වී ඇති අතර, එමනිසා ශ්‍රී ලංකාවට ඇති අවදානම ඉතා අඩු මට්ටමක බවයි.

එම නිසා, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ, මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය නොවන බවත්, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බැවින් අවශ්‍යතාව මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාවට උපදෙස් ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

අද (04) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...