*
Friday, May 9, 2025
spot_img

Latest Posts

ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ගිලිහෙයි !

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා මීටර් 400 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු ගිලිහුණි.ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාව සහ ක්‍රිඩකයන් දෙදෙනාද අවසාන තරගයට සුදුසුකම් ලැබූ අතර ඔවුන් මූලික තරගවල වාර්තා කළ කාලය අනුව කුමන හෝ පදක්කමක් දිනා ගනු ඇතැයි විශ්වාස කළ ද අවසාන තරගයේදී එම දක්ෂතා දැක්වීමට ඔවුහූ අපොහොසත් වූහ.


කාන්තා මීටර් 400 අවසාන තරගයේදී සිය හොඳම දක්ෂතාවය වෙත යාම තබා මූලික තරගයේ දක්ෂතාවය හෝ දැක්වීමට නදීශා රාමනායකට නොහැකි වූවාය.තත්පර 53.72 ක කාලයක් ගත කළ නදීශා ඉසව්වේ පස්වැන්නිය වූවාය.ඇයට සිය හොඳම කාලය හෝ ඊට ආසන්න කාලයකට පිවිසීමට හැකියාව ලැබුණේනම් එහි පදක්කමකට පිවිසීමට අවස්ථාව තිබුණාය.රන් සහ රිදි පදක්කම් දෙක බහරේනයටත්,ලෝකඩ පදක්කම මැලේසියාවටත් යොමු වූ තරගයේ සමස්ථ ප්‍රතිපල සටහනට පහත සබඳකාවය හරහා පිවිසීමට හැකිය.


https://info.hangzhou2022.cn/en/results/athletics/result-women-s-400m-fnl-000100-.htm


පිරිමි තරගයේ දී ද කාලිංග කුමාර හෝ අරුණ දර්ශන යන දෙදෙනාම සිය හොඳම කාලයන් වාර්තා කරන්නට සමත් වූයේ නැත.තත්පර 45 සීමාවේ අනායාසයෙන් ධාවනයේ යෙදෙමින් සිටි දෙදෙනාම ආසියානු ක්‍රිඩා උළෙලේ අවසාන තරගයේදී තත්පර 46 සීමාවට පිවිසීම නිසා ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහිණ.ශ්‍රී ලංකාවේ ඉහළම මීටර් 400 බලාපොරොත්තුව වූ කාලිංග කුමාරගේ සමඟ එක්ව තරග වදින විට ඔහුව අභිබවා යා නොහැකි ගැටළුවේ සිටි අරුණ දර්ශන මෙම ඉසව්වේ දී හයවැනි ස්ථානයට පිවිසුණේ කාලිංග කුමාරගේ හත්වන ස්ථානයට ඇඳ දමමින් වීම යම් තරමක විශේෂ සිදුවීමක් විය.
මූලකි තරගවලදී ඉහළ දක්ෂතා දක්වා සිටි ජපාන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු දෙවන තැනට පැමිණි අතර,අනෙක් ජපන් ක්‍රිඩකයා සිව්වන තැනට පත් විය.මුල් තිදෙනා අතර සිටි කාලිංග හත්වැන්නා විය.අවසාන තරගයේ ස්වභාවය මූලික තරගවලට වඩා සපුරා වෙනස් වූ අතර පළමු තැන සහ දෙවන තැන පිළිවෙලින් සවුදි අරාබියට සහ බහරේනයට හිමි විය.ප්‍රතිපල ලේඛණයට පහතින් පිවිසෙන්නට හැකියාව ඇත.


https://info.hangzhou2022.cn/en/results/athletics/result-men-s-400m-fnl-000100-.htm
ජාත්‍යන්තර තරගයන්හී පාලනය වෙනස්ය.අවසාන තරගයන්හී ඒ තත්ත්වය තව දුරටත් වෙනස්ය.එම පරිසරය විසින් සකස් කරන තත්ත්වයන්ට සාපේක්ෂව තමන්ගේ තත්ත්වය කළමණාකරණය කරන්නට නොහැකි වීම මේ පරාජයන්හී හේතුවය.ඒ නිසා ජයග්‍රහණයට සහබාගීත්වයේ ප්‍රමාණය ද විශාල වශයෙන් බලපාන අතර ශ්‍රී ලංකාව නියෝජනය කළ තිදෙනාට එම ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට ලැබුණු අවස්තා ප්‍රමාණයේ අඩුකම තරගයේදී ශ්‍රි ලංකාවට පදක්කම් හිමි නොවීමට එක හේතුවක්ය.එය ක්‍රිඩකයන් මතම පැටවිය නොහැකි කළමණාකරණය විසින් ඇති කර දිය යුතු තත්ත්වයකි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan