යුක්රේනය ජාත්‍යන්තර මිලිටරි නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමට සූදානම් – සෙලෙන්ස්කි

යුක්රේන ජනධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ඊයේ(30)දිනයේ යුක්රේනයේ කියෙව්හි පැවති ජාත්‍යන්තර ආරක්ෂක කර්මාන්ත සංසදය අමතමින් ප්‍රකාශ කර තිබුණේ, යුක්රේනය ජාත්‍යන්තර මිලිටරි නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමට සූදානම් බවයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, තුර්කිය, ස්වීඩනය සහ චෙක් ජනරජය ඇතුළු විවිධ රටවල ආරක්ෂක සමාගම්වල නියෝජිතයන් 30 දෙනෙකු මෙන්ම ආයුධ නිෂ්පාදන සමාගම් 250 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙම අවස්ථාවට සම්බන්දව සිටි අතර යුක්රේන ජනධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, කියෙව් සමඟ එක්ව ආයුධ නිෂ්පාදනය දියුණු කිරීමට කැමති සමාගම්වලට විශේෂ කොන්දේසි ඉදිරිපත් කිරීමට යුක්රේනය සූදානම් බවයි.

යුක්රේනය විශාල හමුදා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට හොඳ ස්ථානයක් බව ප්‍රකාශ කළ යුක්රේන ජනාධිපතිවරයා එවැනි මධ්‍යස්ථානයක් ගොඩ නැගීම යුක්රේනයට පමණක් නොව යුරෝපයට සහ අපේ අසල්වැසියන්ටත් ප්‍රයෝජනවත් වනු ඇති බව ප්‍රකශ කර තිබිණි.

රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනය ජය ගැනීමට නම් උසස් තාක්ෂණයන් සහ යුධ උපක්‍රමවල එකතුව උපකාර වන බවත්, දිගු දුර මිසයිල සහ කාලතුවක්කු නිෂ්පාදනය අවශ්‍ය බව ප්‍රකාශ කළ යුක්රේන ජනධිපතිවරයා යුක්රේනයේ ගෘහස්ථ ආයුධ කර්මාන්තය පිළිබඳව ද මෙහිද සඳහන් කර තිබිණ.

කියෙව් මේ වන විට තමන්ගේම ආයුධ අර්ධ වශයෙන් සංවර්ධනය කරමින් ඇති අතර ආයුධ කර්මාන්තය දිරිගැන්වීම සඳහා ඩොලර් බිලියන 1.5 දක්වා මුදල් මුදල් වැඩි කිරීමක් ලබන වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවට ඇතුළත් කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව පසුගිය වසරට සාපේක්ෂව හත් ගුණයක වැඩිවීමකි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...