Futsal ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 02, (LNW) කොළඹ :

පාපන්දුවෙන් උපත ලද ක්‍රීඩාවක් හැටියට හැදින්විය හැකි Futsal එහි ඇති හුරුබුහුටිකම නිසා මෙන්ම කුඩා ඉඩක කුඩා පිරිසකට තරගකාරි ලෙස ක්‍රීඩා කිරිමේ හැකියාව ඇති ආකෘතිය නිසාත් මිනිසුන් වේගයෙන් වැළඳගත් ක්‍රීඩාවක් බවට පත් විය.එහි විකාශය ලෝකය වැළඳ ගැනීමත් සමග 1989 දී පළමු Futsal ලෝක කුසලානය පැවති අතර එය පැවත්වුණේ නෙදර්ලන්තයේ ය.මීටර් 40 ක් සහ මීටර් 20 ක් ලෙස දිග පළල සටහන් වන ලෝක කුසලාන Futsal පිටිය තුළ පාන හරඹ වේගවත් සහ මනස්කාන්ත වීමේ ලක්ෂණය නිසා මේ වන විට එහි ව්‍යාප්තියද ලෝකය පුරා උන්මාදයක් මෙන් පැතිර ගොස් තිබේ.

ඒ අනුව මෙවර උස්බෙකිස්තානයේ Futsal ලෝක කුසලාන තරගාවලිය පැවත්වෙන්නේ 10 වන වරටය.මේ දක්වා පාපන්දු ඉතිහාසයේ කීර්තිය සුරැකෙන අන්දමටම බ්‍රසීලය Futsal ඉතිහාසයේ කීර්තිය ද සුරැකිව තබා ගන්නට සමත්ව ඇත.ඒ කීර්තියේ මාවතේ මෙවරත් ඉදිරියට පැමිණ තිබෙන බ්‍රසීලය අද යුක්රේනය සමඟ අවසාන තරගයට මුහුණ දෙන්නට සූදානම්ව සිටියි.ඒ පස්වරු 8.00 ට ය.
එසේම මේ වන විට වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා සිටින ක්‍රීඩකයාද බ්‍රසීලියානුවෙකි.මාර්සෙල් මාර්කුවිස් වන ඔහු මේ වන විට ගෝල 10 ක් ලබා ගෙන සිටියි.
දෙවන අවසන් පූර්ව තරගය පැවත්වීමට නියමිත ආර්ජෙන්ටිනාව සහ ප්‍රංශය අතරයි.එම තරගය හෙට පැවත්වෙන අතර අවසාන තරගය පැවත්වෙන්නේ ඔක්තෝම්බර් 6 ව දා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...