අපි තමයි පුළුල්ම සන්ධානේ.අපේ නිර්ණායක පිළිගන්නවා නම් අපි එක්ක එකතු වෙන්න පුළුවන් – SJB කබීර්

Date:

කොළඹ LNW: මේවන විට තිබෙන පුළුල්ම සන්ධානය තිබෙන්නේ සමඟි ජන බලවේගය සතුව වන අතර පක්ෂයේ චින්තනය, නිර්ණායක පිළිගන්නා අය සමඟ තවදුරටත් සන්ධානගත වීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය.

ඒ,අද(02) කොළඹදී සමඟි ජන සන්ධානයේ පාර්ශව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

”අපේ චින්තනය මත පදනම් වූ සන්ධානයක් හදනවා. අපේ චින්තනයත් එක්ක එකඟ වෙන්න පුළුවන් සහ අපේ නිර්ණායක මත එකඟ වෙන අයත් එක්ක අපි සන්ධාන ගතවෙන්න සූදානම්. අපි විවිධ පක්ෂවලට ආරාධනා කරල තියෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් අපි කියල තියෙනවා. අපිට සම්බන්ධ කරන්න පුළුවන් වගේම බැරි කණ්ඩයම් ඉන්නවා. හැබැයි අපි හිතනවා දැනට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව නියෝජනය කරන්නේ සම්හි ජන බාලවේගයයි. ඒ නිසා බිම් මට්ටමේ සියලු දෙනාම අපි එක්ක සම්බන්ධ වෙමින් පවතිනවා. දිස්ත්‍රික්කවල ගොඩක් අය සම්බන්ධ වෙනවා.” යනුවෙන් එහිදී කබීර් හෂීම් මහතා පවසන ලදී.

මේ අට්‍ර්හ එක්සත් ජාතික පක්ෂය සමඟ පැවති සාකච්ජා ආසාර්ථක වීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු පැහැදිලි කළේය.

”රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතුයි, අලුත් කණ්ඩායම එක්ක සන්ධාන ගතවෙන්න තමයි යෝජනා කළේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩයම එක්ක දිගටම කටයුතු කරන බව ඔවුන් කියල තිබුන නිසා ඔවුන් එකතු කරගන්න හැකි ඉඩක් ගැන දන්නේ නැහැ. ඔක්කොම් එකතු කරන්න ලැස්ති නෑ. අපි තමයි බලවත්ම සන්ධානය. අපේ යම් නිර්ණායක තියෙනවා සමහර අයත් එක්ක සන්ධානගත වෙන්න අපිට බෑ. ඒ නිසා සාකච්ජා නැවතුණා.” යනුවෙන් ඔහු කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...