ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

Date:

යුද්ධයක්.. රටවල් දෙකක්.. නිහඬ මාරයෙක්.. පුපුරා ගියහොත් සෝවියට් දේශයම යළි ලේ විලක්..

එළඹෙන සතියේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (International Atomic Energy Agency: IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසී මහතා රුසියාවේ මොස්කව් අගනුවර සහ යුක්රේනයේ කිව් අගනුවර බලා පිටත් වීමට නියමිත බව එම ඒජන්සිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

IAEA යනු එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම්වලට අදාළ මුර ඒකකය වන අතර, මෙම සංචාරය තුළ දී එම ඒජන්සියේ ප්‍රධානියා දෙරට සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

මෙම සාකච්ඡා මධ්‍යගත වන්නේ, යුක්රේනයේ පිහිටා ඇති සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයට අදාළවයි. එම බලාගාරය මේ වන විට පවතින්නේ රුසියානු හමුදා පාලනය යටතේ ය.

ඒ අනුව, එම න්‍යෂ්ඨික බලාගාරය පිහිටා ඇති කලාපය අවට රුසියානු – යුක්රේන යුධ තත්ත්වය හමුවේ ආරක්ෂිත කලාපයක් ස්ථාපිත කිරීමට එකඟ කරවා ගැනීම IAEA ප්‍රධානී රෆායෙල් ග්‍රොසී මහතාගේ සංචාරයේ අරමුණයි.

“හැකි ඉක්මනින් සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අවට න්‍යෂ්ටික ආරක්ෂණ සහ ආරක්ෂක කලාපයක් නිර්මාණය කිරීමට එකඟකර ගැනීම අරමුණු කරගෙන, අධ්‍යක්ෂ ජනරාල් ග්‍රොසී ඔහුගේ උපදේශන සහ අනෙකුත් ප්‍රයද්න දිගටම කරගෙන යනු ලබනවා. ඔහු ලබන සතියේ කිව් සහ මොස්කව් වෙත යාමට අපේක්ෂා කරනවා.”

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඊයේ (01) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

යුක්රේනයේ සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අසළ පවතින යුධමය වාතාවරණය හමුවේ කුමන හෝ ප්‍රහාරයක් මත එහි පිපිරීමක් සිදුවුවහොත් ඇතිවිය හැකි විනාශය කියා නිමකළ නොහැකි වනු ඇති අතර, මෙම කලාපයේ ප්‍රහාර දියත් කිරීම් සම්බන්ධයෙන් යුක්රේනය සහ රුසියාව හැසිරෙන්නේ ළදරුවන් මෙනි. ඒ, එම ප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශවය එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීම හැර යුධ මෙහෙයුම් නතර කිරීමට එකඳු පාර්ශවයක් හෝ කටයුතු කර නොමැති බැවිනි.

Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...