*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

20/20 ලෝක කුසලානයේදී පිටිය හොල්ලන ක්‍රීඩකයන් 05 ක් – වනිඳුත් ඒ අතර

තවත් සති‌ දෙකකින් ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන 20/20 ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කරන ක්‍රීඩකයන් 05 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා. මෙම ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දියාව යන රටවලට අයත් වේ.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නම්කර තිබෙනවා. වෝනර් මෙම වසරේදී තරග 03 ක් පමණක් ක්‍රීඩා කර ඇති අතර එහිදී එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 130 ක් රැස් කරගෙන තිබෙනවා. ICC ය පවසන්නේ වෝනර් සිය මව්බිමේදී අතිශය ප්‍රවේගකාරී 20/20 පිතිකරුවෙකු බවයි. 150 කට ආසන්න ප්‍රහාරක වේගයක් මෙම වසර තුළ රඳවා ගැනීමට ඔහු සමත්ව තිබේ.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග රැඳී සිටී. විශේෂත්වය වන්නේ මෙම ලැයිස්තුවට අයත් එකම පන්දු යවන්නා ඔහු වීමයි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ වනිඳු කඩුලු 16 ක් බිඳහෙළීමට සමත් වූ අතර පසුගිය IPL තරගාවලියේදීද වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් තිදෙනා අතරට ඒමට ඔහුට හැකි විය.

ආසියානු කුසලානය තම කණ්ඩායමට හිමිකර දීමට ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ වනිඳු ඔස්ට්‍රේලියානු තණතීරු තුළ ප්‍රතිවාදීන්ට දැඩි හිසරදයක් වනු ඇතැයි ICCය අපේක්ෂා කරනවා.

එංගලන්ත 20/20 නායක ජොෂ් බට්ලර් ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට නම්කර තිබෙනවා. මේ වනවිට ආබාධයකට ලක්ව සිටින නමුත් ලෝක කුසලාන තරගාවලිය තුළදී සිය කණ්ඩායම මෙහෙයවමින් ඔහු කැපී පෙ‌නෙන දස්කම් දක්වනු ඇතැයි ICCය පවසනවා. ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ එකම ශතකලාභියාද වූ බට්ලර් අවසන් වූ IPL තරගාවලියේදී ශතක හතරක් රැස් කිරීමට සමත් විය.

ඉන්දියාවේ සූර්ය කුමාර් යාදව් මෙම ලැයිස්තුවේ 04 වැනි ස්ථානයේ රැඳී සිටී. IPL හරහා ඉන්දියාව මෑතකදී සොයාගත් වටිනාම තරුවක් වන යාදව් මේ වනවිට 20/20 කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගෙන සිටිනවා. ඉතා කෙටි කාලයක් තුළ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය අත්පත් කරගෙන සිටින යාදව් ලෝක කුසලාන තරගාවලියේ ප්‍රෙක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට සමත් වනු ඇති බවට ICCය අපේක්ෂා කරනවා.

මෙම ලැයිස්තුවේ පස්වැනි ක්‍රීඩකයා පකිස්තානු කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරුද වන මොහමඩ් රිස්වාන්ය. මේ වනවිට පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින රිස්වාන් තරම් ස්ථාවර 20/20 පිතිකරුවෙකු තවත් සොයාගත නොහැකි බවයි ICCය පවසන්නේ.

රිස්වාන් – බාබර් සුසංයෝගය ලෝක කුසලාන තරගාවලියේදී පන්දු යවන්නන්ට විශාල අභියෝගයක් වනු ඇති බවද ICCය ප්‍රකාශ කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan