ත්‍රස්ත පනතට එරෙහි අත්සන් ව්‍යාපාරය තංගල්ල නගරයෙන් අවසන් කරයි

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරය අද තංගල්ල නගරයේදී පැවැත්විණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා‌ගේ මූලිකත්වයෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය කන්කසන්තුරේ ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර දිස්ත්‍රික්ක 25 ම ආවරණය කරමින් සිදුකළ අත්සන් ලබා ගැනීමේ චාරිකාව අද තංගල්ල නගරයෙන් අවසන් කෙරිණි.

මේ සඳහා පක්ෂ භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව බොහෝ පාර්ශ්වවල සහයෝගය හිමි වූ අතර පසුගිය කාලසීමාව පුරා සියලු ස්ථානවලදී බොහෝ දේශපාලන කණ්ඩායම් ඊට එක්ව සිටින ආකාරය දක්නට ලැබිණි.

අද අවසන් අවස්ථාවටද සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයන් එක්ව සිටි අතර වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස සිදු කරන බලපෑම සඳහා මේ වනවිට උතුරු-දකුණු භේදයකින් තොරව, සිංහල-දෙමළ භේදයකින් තොරව රටේ බහුතර ජනතාව එක්ව සිටින බවයි රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වනවිට දේශපාලන ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, සිවින් ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම සඳහා භාවිතා කරමින් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ එම මර්දන පනත අහෝසි කිරීම සඳහා කාලය එළඹ ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...