75 වන නිදහස් සමරුව නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල් 2000 කට නිවාස

Date:

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. 75 වැනි නිදහස් සමරුවට සමගාමීව මෙම නිවාස ව්‍යාපෘතිය දියත් කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මේ යටතේ අඩු ආදායම්ලාභී පවුල් 2000 කට නිවාස හිමිවන අතර කොළඹ නගරයේ පමණක් නොව අර්ධ නාගරික ප්‍රදේශවලින්ද මේ සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතය.

අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ප්‍රශ්නය කාර්යක්ෂම හා මානුෂීය මුහුණුවරකින් විසඳීම රජයේ ඉලක්කය බවත් නිවාස බෙදාදීමේදී පුද්ගල ප්‍රතිරූප පසෙක තබා සුදුස්සාටම අයිති වන ක්‍රමවේදයක් සකස් කරන බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙට දිනයට නියමිත 36 වැනි ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...