සිපෙට්කෝ, IOC, සයිනොපෙක් ඉන්ධන මිල වැඩි කෙරේ ! සයිනොපෙක් තවමත් තරමක් අඩුවෙන් …

Date:

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් වැඩිකර තිබේ.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 11කින් වැඩිකිරීමට සංස්ථාව කටයුතු කර ඇත.

ඒවායෙහි නව මිල ගණන් පහතින් දැක්වේ.

තෙල් සංස්ථා මිල ගණන් හා සමානවම සිය ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට ලංකා IOC සමාගමත් කටයුතු කර ඇත.

සයිනොපෙක් සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් කර නොමැති අතර එය සංස්ථා මිලට රුපියල් 7ක් අඩුවෙන් පවතී. ඔවුන් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංස්ථා මිලටම සමකර ඇත. සංස්ථා මිලට සාපේක්ෂව සයිනොපෙක් සමාගමේ සුදු ඩීසල් මිල රුපියල් 3කිනුත් සුපිරි ඩීසල් මිල රුපියල් 4කිනුත් අඩුව පවතී.

එම මිල ගණන් පහත සටහනින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...