*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රට බංකොලොත් වෙලා අවුරුදු එකහමාරකට ළඟයි කෝ විසඳුම් ? – විජිත හේරත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) : වත්මන් අණ්ඩුව විසින් ජනතාව මත දිගින් දිගටම බදු බර පැටවූයේ ජාත්‍යන්තර ණය කපා හැරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කියමින් වුවත්, එහෙත් මාස 17ක් ගතවී තිබුණත් විදේශ ණය ඩොලර් එකක් වත් කපා හැර හෝ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බව, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

” රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කර දැන් අවුරුදු එකහමාරකට ආසන්න වී තිබෙනවා. එහි ප්‍රතිවිපාක සමස්ත ශ්‍රී ලංකාවාසින්ම අද භුක්ති විඳිනවා. පොහොට්ටුවේ පිරිස රනිල් රාජපක්ෂව ජනාධිපති ධුරයට පත් කළේ අර්බුදයෙන් රට ගොඩගන්න. ලෝකය හතරවටේම තමන්ගේ යාළුවන්ගේ මාර්ගයෙන් විදේශයන්ට අපි ගෙවිය යුතු ණය කපා හැර සහන ලබාගෙන බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා බවට ජනාධිපති වීමෙන් පසුව ඔහු පාරම්බෑවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියේ විදේශීය ණය කපා හැර යම් සහනයක් ලබාගන්න.

නමුත් අයි.එම්.එෆ්. එකේ පළමු සමාලෝචනය ඉදිරිපත් කළ නියෝජිතවරුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන්නේ දෙවැනි වාරික ලබාදෙන්න ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉටුකර නැති බවයි. විදේශීය ණය හිමියන් සමග මේ වන විටත් ණය කපාහැරීමේ එකඟතාවයකට තාමත් නොපැමිණීම ගැන අවධාරණය කර තිබුණා. පොලිය කපාහැරීමක්, ආපසු ගෙවිය යුතු කාලය දීර්ඝ කර ගැනීමක් වැනි කිසිදු ණය කපාහැරීමේ එකඟතාවයටකට නොපැමිණීම ගැන අයි.එම්.එෆ්. නියෝජිතයන් පෙන්වා දුන්නා. ඒ වගේම මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ යුතු එකඟතා ලියවිල්ල තාමත් සම්පූර්ණ නොකිරීම පිළිබඳවත් ඔවුන් කරුණු දක්වා තිබුණා.

ජනතාව මත දිගින් දිගටම බදු බර පැටවූයේ ජාත්‍යන්තර ණය කපා හැරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කියමින්. නමුත් මාස 17ක් ගතවී තිබුණත් විදේශ ණය ඩොලර් එකක් වත් කපා හැර හෝ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. මෙවැනි පසුබිමක මූල්‍ය අරමුදල ලබාදීමට පොරොන්දු වූ ණය 15%ක් කපා හැරිය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. විදුලි බිල, ජල බිල, ගෑස් මිල වගේම බදු වැඩිකරන ලෙසත් ඔවුන් දිගින් දිගටම බලකරන්නේ තවත් පීඩනය වැඩිකරන්නයි. ආණ්ඩුව තවත් නව බදු කිහිපයක් පනවන්න සූදානමින් සිටිනවා. ඊට අමතරව ජනවාරි මස පළමුවැනි දින සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ෆයිල් එකක් ලබාදෙන්න සූදානම් වෙනවා. දැනටමත් අයි.එම්.එෆ්. පදයට නටන රනිල් රාජපක්ෂ ආණ්ඩුව විදුලි බිල තවත් වටයකින් වැඩිකරන්න සූදානම් වෙනවා. පසුගිය අගෝස්තු මාසයේ 250%කින් විදුලි බිල වැඩිකර, තවත් 22%කින් ඔක්තෝබර් පළමුවැනිදා සිට වැඩිකරන්න සූදානම්. පාරිභෝගිකයන්ගේ භාවිතා කරන හැම ඒකකයටකම රුපියල් 08/- බැගින් වැඩිකරන්න සූදානම් වෙනවා.

දැනට රුපියල් 2500/-ක මාසික විදුලි බිලක් එනවා නම්, යෝජිත වැඩිකිරීම් අනුව අවම වශයෙන් රුපියල් 3050/-ක් දක්වා වැඩිවෙනවා. මේ වන විටත් ජල ගාස්තු, බස් ගාස්තු, දුම්රිය ගාස්තු සහ අනෙකුත් සියලුම සේවාවන්වල ගාස්තු වැඩිකිරීමෙන් නතර නොවී තවත් වටයකින් වැඩිකරන්න සූදානම්. ගිය අවුරුද්දේ උද්ධමනය 70%ක තිබී, දැන් 1.5%ට අඩුකර ඇති බව කීවත්, එදා රුපියල් 12ට තිබුණු බිත්තරය අද රුපියල් 45 ඉක්මවා වැඩිවී තිබෙනවා. මේ විදිහට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, යන ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් උද්ධමනය අඩුයි කියන පරිසරය යටතේ වැඩිකර තිබෙනවා.

ජාත්‍යන්තර යාළුවන්ගෙන් උදව් ලබාගත හැකි පවසා, විදේශ සමුළුවලට ගොස් ෆොටෝ ගහමින් මාධ්‍යයට නිකුත් කළත්, ඇත්ත ප්‍රශ්නය තවමත් විසඳී නැහැ. බොරු හේතු දක්වා පළාත් පාලන මැතිවරණය කල් දැමීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීම, දිගටම කරන්න උත්සාහ ගන්නවා. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විරුද්ධව හරිනි අමරසූරිය සොහොයුරියත් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබෙන නඩුවේ දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමවලට ඇහුම්කන් දුන් විනිසුරු මණ්ඩලය ඔක්තෝබර් 02, 04, 09 සහ 10 දිනවල එක දිගට නඩුව විභාග කිරීමට තීරණය කර, තිබෙනවා. 10 වැනිදා නඩු විභාගය අවසන් වූ පසුව ඒ ආසන්න දිනයකදී තීන්දුව ලබාදීමට නියමිතව තිබෙනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සුබවාදී තීන්දුවක් ලැබේවි යැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව බලාපොරොත්තු වෙනවා.

මේ නඩු විභාගය පැවැත්වෙද්දී පසුගිය මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් සියලු දෙනාගේ නාමයෝජනා අහෝසි කරන්න ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්ත ඉදිරියට යද්දී මෙවැනි යෝජනාවක් ගෙන ඒම නීත්‍යානුකූල හෝ සාදාචාර සම්පන්න නැහැ. දිනේෂ් ගුණවර්ධන පළාත් පාලන ඇමතිවරයාගේ උපදේශක කාරක සභාවකින් නාමයෝජනා අහෝසි කිරීම සම්බන්ධයෙන් යෝජනා සම්මත කර ගැනීම කිසිසේත්ම නීත්‍යානුකූල වෙන්නේ නැහැ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට අනියමින් බලපෑම් කිරීමේ චේතනාවෙන් මෙවැනි යෝජනා සම්මත කරගෙන තිබෙනවා. ඒ යෝජනාව සම්මත කර ගැනීම සම්පූර්ණයෙන්ම වැරදි බව අපි අවධාරණය කරනවා.”

2023.10.01 දින ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan