තඹලගමු රෝහලේ ගින්න : ආණ්ඩුකාර සෙන්තිල් වාර්තාවක් කැඳවයි

Date:

ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ඊයේ (01) ඇතිවූ ගින්න සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා නියෝග කර තිබේ.

ඊයේ අළුයම 05.30 ට පමණට එම රෝහලේ ඖෂධ ගබඩාවෙහි මෙම ගින්න හටගෙන තිබුණු අතර ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළත් ඖෂධ ගබඩාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි.

ඒ අනුව වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට ඊයේ දිනයේදී නියෝග කර ඇති අතර ගින්නට හේතුව සොයා වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස පොලිසියට ද උපදෙස් ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වැඩිවීමක් – අද (22) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින...

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...