*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය සේවාව විනාශය කරා ගෙනයන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ද?- GMOA විරෝධයකට සැරසෙයි

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය නිසා මෙරට විශේෂඥ වෛද්‍යවරුන්‌ පමණක්‌ නොව, විදෙස්‌ පුහුණුව නිමකර රටට සේවය කිරීමේ අරමුණින්‌ පැමිණෙන වෛද්‍යවරුන්‌ පවා රටට අහිමි වී ඇති අතර මෙබඳු නිලධාරීන්‌ නිසා පශ්චාත්‌ උපාධි අධ්‍යයනයට යොමු වන වෛදාවරුන්ගේ සංඛ්‍යාවද ඉදිරියේදී සීමා වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ හරහා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල විශේෂඥ වෛද්‍යවරුන්‌ ගිහයක්‌ ඇතිවීමේ බරපතල අවදානමක්‌ ඉදිරියේදී මතු වනු ඇති බවයි.

වෛද්‍යවරුන්ගේ පශ්චාත්‌ උපාධි පුහුණුව, සෞඛ්‍ය පද්ධතිය තුල රෝගී සත්කාර සේවාවන්හි යෙදෙමින්‌ ලබාගන්නා සංකීර්ණ සහ දුෂ්කර අභ්‍යාසයක්‌ චන අතර එහි අවසන්‌ අදියර ලෙස විදේශ පුහුණුවට පිටත්ව යාමේදී එම වෛද්‍යවරුන්‌ බැඳුම්කරයකට සහ සේවා ගිවිසුමකට එකඟ වී අත්සන්‌ යෙදිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් පසුගිය දිනවල සංසරණය වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින්‌ නිකුත්‌ කරන ලද ලිපිය හරහා තහවුරු වනුයේ, අත්තනෝමතික සහ කිසිඳු පිළිගත්‌ ක්‍රියාමාර්ගයකින්‌ තොරව ඔහු එම ගිවිසුම වෙනස්‌ කර ඇති බව යන්න අලුත්ගේ මහතා
කියා සිටියි.

කෙසේවෙතත් මෙයට දැඩි විරෝධයක් දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

”රට තුළ පවතින අස්ථාවරත්වය, ප්‍රමාණවත්‌ වැටුපක්‌ නොලැබීමත්‌, අසාධාරණ බදු ප්‍රතිපත්තියත්‌ නිසා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවයන්‌ සහ අයහපත්‌ වෘත්තිය පරිසරය හේතුවෙන්‌ වේගයෙන්‌ මෙරටට වෛද්‍යවරුන්‌ අහිමි චීම හරහා නිදහස්‌ සෞඛ්‍ය සේවාව දරුණු අනතුරකට මුහුණ දී ඇති අතර එමගින්‌ ජන ජිචිතද දැඩි අවදානමකට ලක්‌ වී ඇත.

ගෙවුනු කාලය තුලදී 1500කට අධික විශේෂඥ චෛද්‍යවරුන්‌ සහ වෛද්‍යවරුන්‌ පිරිසක්‌ මෙරට අහිමි වී ඇති අතර, තවත්‌ වෛද්‍යවරුන්‌ දහස්‌ ගණනක්‌ නුදුරු අනාගතයේ දීම රටට අහිමි වීමට නියමිතය.

අනීතික නීති පැනවීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සහ විදෙස්‌ රට වලින්‌ වෛද්‍යවරුන්‌ ගෙන්වීම වැනි යථාර්ථවාදී නොවන විසඳුම්‌ පසෙකලා වෛද්‍යවරුන්‌ රට තූල රඳවාගැනීම ඉලක්ක කරගනිමින්‌ ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දිගින්‌ දිගටම අප අවධාරණය කර ඇති අතර සෞඛ්‍යා අමාත්‍යාංශය ද එය පිළිගෙන ඇත.

එසේ වුවන්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම්‌ නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ සහ ක්‍රියාකාරීත්වය මෙයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරෝධී ලෙස සිදුවනු දැකීම කිසිසේත්‌ පිළිගත නොහැකි ප්‍රචණතාවයකි.

වෛද්‍යවරුන්ගේ පශ්චාත්‌ උපාධි පුහුණුවේ අවසන්‌ අදියර වන අනිවාර්ය විදේශ පුහුණුව සඳහා පිටත්‌ චන වෛද්‍යවරුන්ට අදාළ බැඳුම්කරය පිළිබඳ තොරතුරු ඇතුළත්‌ ලිපියක්‌ පසුගිය දිනවලදී මාධ්‍ය හරහා සංසරණය විය.

වෛද්‍යවරුන්ගේ පශ්චාත්‌ උපාධි පුහුණුව, සෞඛ්‍ය පද්ධතිය තුල රෝගී සත්කාර සේවාවන්හි යෙදෙමින්‌ ලබාගන්නා සංකීර්ණ සහ දුෂ්කර අභ්‍යාසයක්‌ චන අතර එහි අවසන්‌ අදියර ලෙස විදේශ පුහුණුවට පිටත්ව යාමේදී එම වෛද්‍යවරුන්‌ බැඳුම්කරයකට සහ සේවා ගිවිසුමකට එකඟ වී අත්සන්‌ යෙදිය යුතුය.

මෙම බැඳුම්කරය සහ සේවා ගිවිසුම සකස්‌ වන්නේ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පදනම්‌ කරගනිමිනි. විදේශ පුහුණු කාලසීමාව තුලදී අනුගමනය කල යුතු කරුණු, එම සේවා ගිවිසුමේ කොන්දේසි,බැදුම්කරය, නැවත මෙරටට පැමිණීමෙන්‌ පසු සේවය කළ යුතු අනිවාර්ය කාලය ආදි කරුණු සියල්ලම මෙම සේවා ගිවිසුම සහ බැඳුම්කරය තුළ පැහැදිලිව දක්වා ඇති අතර, කිසිවෙකුටත්‌ අත්තනෝමතික ලෙස එම කරුණු වෙනස්‌ කිරීම කිසිසේත්ම කළ නොහැක.

එහෙත්‌ පසුගිය දිනවල දී සංසරණය වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු විසින්‌ නිකුත්‌ කරන ලද ලිපිය හරහා තහවුරු වනුයේ, අත්තනෝමතික සහ කිසිඳු පිළිගත්‌ ක්‍රියාමාර්ගයකින්‌ තොරව ඔහු එම ගිවිසුම වෙනස්‌ කර ඇති බවයි. එම ලිපිය හරහා සිදුකර ඇති වැරදි ක්‍රියාමාර්ග කිහිපයක්‌ නිරීක්ෂණය වේ.

විදෙස්‌ ගත වීමේදී අත්සන්‌ කළ යුතු බැඳුම්කරය සහ එහි වටිනාකම වැරදි ලෙස ගණනය කිරීම සහ අර්ථකතනය කිරීම.

ආයනන සංග්‍රහයේ අර්ථ නිරූපණයන්‌ විකෘති කරමින්‌ ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‌ සහ සෞඛ්‍ යඅමාත්‍යවරයා නොමඟ යැවීම.

විදේශ පුහුණුවට අදාල සේවා ගිවිසුමේ වගන්ති සහ අන්තර්ගතය හිතාමතා වෙනස්‌ කිරීම.

වෛද්‍යවරයෙකු පශ්චාත්‌ උපාධි ආයනනයට නිදහස්‌ කිරීමේදී එය වැටුප්‌ සහිත නිවාඩුවක්‌ ලෙස ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම හරහා ජනතාව නොමඟ යැවීම.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතියකින්‌ තොරව සේවා ගිවිසුමක්‌ වෙනස්‌ කිරීම හො වෙනස්‌ අර්ථකථනයක්‌ ලබා දීම නීති විරෝධී සහ විනය විරෝධී කරුණකි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය නිසා මෙරට විශේෂඥ වෛද්‍යවරුන්‌ පමණක්‌ නොව, විදෙස්‌ පුහුණුව නිමකර රටට සේවය කිරීමේ අරමුණින්‌ පැමිණෙන වෛද්‍යවරුන්‌ පවා රටට අහිමි වී ඇති අතර මෙබඳු නිලධාරීන්‌ නිසා පශ්චාත්‌ උපාධි අධ්‍යයනයට යොමු වන වෛදාවරුන්ගේ සංඛ්‍යාවද ඉදිරියේදී සීමා වනු ඇත. මේ හරහා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුල විශේෂඥ වෛද්‍යවරුන්‌ ගිහයක්‌ ඇතිවීමේ බරපතල අවදානමක්‌ ඉදිරියේදී මතු වනු ඇත.

මේ වන විටත්‌ අර්බුදයට මුහුණ දී ඇති ශ්‍රී ලාංකීය නිදහස්‌ සෞඛ්‍ය සේවාව තවදුරටත්‌ කඩා වැටීමට අවශ්‍ය පසුබිම සකස්‌ කරන මෙවන්‌ නිලධාරීන්‌ සම්බන්ධයෙන්‌ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක්‌ නොව ජනතාව ද තීරණ ගත යුතූ කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරමු.

අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන්‌ දැඩි අවධානය යොමු වූ අතර, මෙයට දැඩි විරෝධය පළ කිරීමට මෙන්ම ඊට එරෙහිව ගත හැකි සියලු නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කරන ලදී.

මෙබඳු ප්‍රායෝගික නොවන සහ නීති චිරෝධී ක්‍රියාමාර්ග වහාම හකුලා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම්‌, ඉදිරියේදී අවශ්‍ය ඕනෑම මොහොතක මුළු රට ම ආවරණය වන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට පවා යොමු වීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.” යනුවෙන් වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan