*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පච කුමාරවරුනි තවත් නම් කකුලෙන් අදින්න එපා.රජයට සහය දෙන්න – රත්නප්‍රිය විපක්ෂයෙන් ඉල්ලයි

කොළඹ LNW:අනුර කුමාර දිසානායක,විපක්ෂනායක වැනි පච කුමාරවරුන්ගේ ක්‍රියා කලාප හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීමේ සමාලෝචන කටයුතු වලට අහිතකර ලෙස බලපෑ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

ඒ, අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවන වාරිකය ලබා නොදී සිටීවි යන කාලකන්නි සතුටක් විපක්ෂය විසින් ලබමින් සිටින බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

එම දෙවන වාරිකය නොලැබී ගිය හොත් රට නැවත ඇද වැටෙන අතර එමඟින් ඔවුන්ට නැවත පාරට බැස දේශපාලන සිහින සැබෑ කරගැනීමට මැදිහත් වන හෙයින් ජනතාව නැවත එවැනි දේට නොරැවටෙන බවයි ඔහු පැවසුවේ.

එහෙයින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙලට සහය වන ලෙසයි රත්නප්‍රිය මහතා විපක්ෂයට අවධාරණය කළේ.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දෙවැනි වාරිකය වන ඩොලර් මිලියන 700 ක මුදල ලබාගැනීම වෙනුවෙන් මේ මොහොතේ රජය ක්‍රියා කරමින් ඉන්නවා. ඉදිරි සතිය තුන තුළදී එම සාකච්ඡා අවසන් වෙලා, ඉතිරි ණය වාරිකය ලබා ගැනීමට හැකි වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා.

සමහර වෙලාවට ඒ කොන්දේසිවලට අනුව අපිට රටේ නීතිය වෙනස් කරන්නට සිද්ධ වෙනවා. විවිධ අණ පනත් ස්ථාපිත කිරීමට අපට සිදු වෙනවා. දූෂණ විරෝධී පනත සම්මත කළා. මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කළා,කම්කරු නීති අලුත් කරන්න කටයුතු කරමින් තිබෙනවා. එවැනි දේවල් රජය සිදුකරමින් යනවා වගේම,වියදම් අඩු කරල ආදායම් වැඩි කරන එක අනිත් පැත්තේ තිබෙන කාරණයයි. ආනයන භාණ්ඩ සීමා පනවලා වියදම් අඩු කළා. ආයතන වල ආදායම් විශාල වශයෙන් අඩු කරන්නට ක්‍රියාමාර්ග ගත්තා. උපයනවිට බද්දක් හඳුන්වා දුන්නා. නීති ක්ෂේත්‍රයේ වෙනස්කම් කළා. බදු ක්ෂේත්‍රයේ වෙනස්කම් කළා. වියදම අඩු කරගන්නට ක්‍රියා කළා. ණය ප්‍රශස්තකරණය සාර්ථකව කළා. එය ලෝකයත් සමග සාකච්ඡා කළා. චීනය,ජපානය, පැරිස් සමාජය,ඉන්දියාව වැනි සියලුම රටවල් එයට එකඟත්වය පළ කළා. ඒ වගේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල වැනි අරමුදල් නියාමනය කිරීමත් එක්ක එය වැරදි ලෙස විවේචනය කරන්නට වසන්ත සමරසිංහ වැනි වෘත්තිය සමිති නායකයෝ පියවර ගත්තා. අධිකරණය මඟින්ම එය තහවුරු කළා. ඊට පස්සේ රජයට එම ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා. සමහර කකුලෙන් ඇදීම් නිසා ඇතිවූ ප්‍රමාදයන්, සමාලෝචන වලටත් බලපෑම් එල්ල කරල තිබෙනවා.” යනුවෙන් රත්නප්‍රිය මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan