ආක්‍රමණයේ විශ්වාසය සමඟ ලෝකය දිනන ගමන අද ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 03, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ මහා වෙනස්කම් සිඳු වී නැත.එහෙත් එහි සිටින ක්‍රීඩිකාවන් වෙනස් වී ඇත.ඔවුන් 2023 වසරේ මුල්ම කාලයේ රුමේෂ් රත්නායක පැමිණිමෙන් පසු මේ වෙනස සිදු වී ඇති බව පැහැදිළිය.

“ඔයාගෙ ක්‍රමයට කරන්න“
ශ්‍රී ලංකා ක්‍රිකට් ඔහුට බලපත්‍රය ලබා දුන්නේම එසේය.අදටද එය වලංගුය.ඒ නිසා ඔහු ඔහුගේ ක්‍රමය ඇරඹීය.එි දී කණ්ඩායමේ හැම කෙනෙක්ටම වටිනාකමක් ඔහුගෙන ලැබුණේය.චමරි හොද නායිකාවක් ලෙස පිිටිය මැද සිටීම රුමේෂ්ට ආභරණයකි.එහෙත් කණ්ඩායමක් තරගයකට මුහුණ දෙන මොහොතේ එහි සිටින සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සට කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාගේ ද අදහස් ඊට එකතු වීමට ඉඩක් ඇත.මේ ප්‍රජාතන්ත්‍රවාදය හැම සාමාජිකාවක්ම වගකීමක් සහිත බලයක් සහිත ජය හෝ පරාජයේ සෘජු වගකීම් දරණ තත්ත්වයට ගෙනවිත් ඇත.

එය පිටියේ දී චමරිගේ හැකියාව මත ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය රැදී තිබෙන බවට ඇති වී තිබුණු මතය සුන් කර ඇත.දැන් හර්ෂිතාගේ,විශ්මිගේ,නිලක්ෂිගේ හෝ හසිනිගේ පිත්තෙන්ද ජයග්‍රහණය ළඟා වී ඇත.නැතිනම් කවීශා වැනි ක්‍රීඩිකාවකගේ තුන් ඉරියව් හැකියාව මත තරගයේ තීරණය විසඳෙන්නටත් ඉඩ ඇත. උදේශිකා ප්‍රබෝධනී,ඉනෝෂි ප්‍රනාන්දු,සුගන්ධිකා කුමාරි,ඉනෝකා රණවීර නොව ඇතැම් විට පුංචිම සාමාජිකාව ශෂිනි ගිම්හානි ගේ පන්දු යැවීම ද ජයග්‍රහණයේ සාධකය වන්නට ඉඩ ඇත.ඒ හැකියාව වර්ධනය වන්නේ ඔවුන්ට වගකීම් සම්බන්ධයෙන් ලැබුණු පිළිගැනීම හේතුවෙන්ය.

රුමේෂ් මහා බරක්,ප්‍රතිවාදියා ගැන බයක් ඇති කරන්නේ නැත.කණ්ඩායම සමාන ලෙස වගකීමට එක් කළ අයුරෙන්ම රුමේෂ්ට ප්‍රතිවාදි පිතිකාරිණිය පන්දු යවන්නිය ගැන විශේෂ බයකින් හිතන්න කණ්ඩායම පුරුදු කර නැත.තිබුණු එවැනි පුරුදු මැකී ඇත.ඒ නිසා අදින් ඇරඹෙන ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස දකින්නට ලැබෙන්නේ අනවශ්‍ය බියකින් සැසලෙන ශ්‍රී ලංකා කණ්ඩායමක් නොවේය.ඕනෑම ජගතෙකු තමන්ට ආක්‍රමණය කළ හැකිය යන විශ්වාසයෙන් යුත් සන්නද්ධ මනසකින් මෙන්ම හැකියවෙන් ද පොහොසත් කණ්ඩායමක් ය.

චමරි ගේ බල ඇණිය පහසු නැත.අද පකිස්තානයට එරෙහිව ජයග්‍රහණයකින් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරනවා සේම,තරගාවලියේ අවසාන දවසේ ද එක කණ්ඩායමක් ලෙස තරග පිටියට බසින්නට ඔවුන්ට හැකියාව සහ විශ්වාසය ඇත.අපි ඔවුන්ට සුබ පතමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...