අපි අතර ගැටුම් නැහැ.අපි සමඟි සන්ධානය විදිහටම මහ මැතිවරණයටත් එනවා – තිස්ස

Date:

කොළඹ LNW: සමගි ජන සන්ධානයේ නාමයෝජනා භාරදීම 10-11 යන දිනයන්හි සියලුම දිස්ත්‍රික්ක කාර්‍යාලවලදී සිදුකරන බවත් ප්‍රචාරක රැළි ආරම්භ කිරීම තව සතියකින් ආරම්භ කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ද සමඟි සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබෙන අතර ඒ පිළිබද සලකා බලමින් සිටින බවයි අත්තනායක මහතා සඳහන් කළේ.

මෙවර මහනුවර කණ්ඩායම් නායකයා ලෙස තමන්ද මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද ඔහු සඳහන් කරන ලදී.

”ජනාධිපතිවරණය සදහා එකතු වුණ පක්ෂ එක්කම ඉදිරියට යනවා. අලුත් මුහුණු, කාන්තා නියොජනය වගේ දෙවල් සදහා අවධානය යොමු කරලා තියෙනවා. අලුත් මුහුණුවරකින් අපි මේ ජන්දයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ 45 ක් ජන්ද ප්‍රකාශ කරලා නෑ. ඔවුන්ගේ සිත් දිනාගන්න හැම සංවිධායකවරයෙක්ටම උපදෙස් දිලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා විවෘතව කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තිබෙන සන්ධානයේ කිසිම ගැටුමක් නෑ. ඒ පිරිසත් එක්කයි ඉස්සරහට යන්නෙ. රනිල් වික්‍රමසිංහ මහතා ජන්දය ඉල්ලන්නෙ නෑ කිවුවට නායකත්වය අත් අරින පාටක් පෙන්න නෑ. අපි කිව්වේ එක්සත් ජාතික පක්ෂය අලුත් නායකයෙක් සමග ඉදිරියට යමු කියලා. සන්ධානයේ මහ පක්ෂය හැටියට සමගි ජන සන්ධානය පිළිගන්න ඕනේ. මේ වගේ කාරණා තමයි අපි කිව්වේ. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අපිත් එක්ක සාකච්ජා කරනවා එකතුවෙන්න. නම් ගම් වශයෙන් කියන්න යන්නෙ නෑ. පොහොට්ටුවේ පිරිසකුත් සාකච්ජා කරනවා. ලේබල් ඇලවිච්ච වංචා දුෂණ වලට ලක්වෙච්ච අයට අපේ බොහෝ පිරිසක් කැමති නෑ. පළාත් පාලන මැතිවරණය හංගල දැම්මේ හිටපු ජනාධිපතිවරයා. පළාත් සභා මැතිවරණයත් එහෙමයි.මේ මැතිවරණ දෙකම පැවැත්වෙන්න ඕනේ. ඒකට අපි එකඟයි.”යනුවෙන් තිස්ස අත්තනායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...