ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු ඇමති හමුවට!

Date:

ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 සැප්තැම්බර් 30 වැනි දින, විදේශ කටයුතු  අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු  දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කළේ ය.

දේශීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව මෑතක දී පිරිනැමූ කඩිනම් මානුෂීය ආධාර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී බහුපාර්ශ්වික මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...