ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු ඇමති හමුවට!

Date:

ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 සැප්තැම්බර් 30 වැනි දින, විදේශ කටයුතු  අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු  දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කළේ ය.

දේශීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව මෑතක දී පිරිනැමූ කඩිනම් මානුෂීය ආධාර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී බහුපාර්ශ්වික මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...