ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

Date:

ලෙබනනය හා ඊශ්‍රායලය අතර පවතින සාමුද්‍රික දේශසීමා ආරවුල විසඳීම සඳහා එක්සත් ජනපදය මැදිහත්ව තිබේ. ඊට අදාළ ගෑස් නිධි සම්බන්ධ කෙටුම්පත් කරන ලද ගිවිසුම එක්සත් ජනපද නියෝජිත Amos Hochstein විසින් පසුගිය සති අන්තයේ දී ලෙබනන් සහ ඊශ්‍රායල නිලධාරීන් වෙත භාර දෙන ලද බව වාර්තා වේ.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර ඔවුන්ගේ ගොඩබිම් දේශසීමාව එක්සත් ජාතීන් විසින් මුර සංචාරයේ යෙදේ.

ඔවුන් 2020 දී ඔවුන්ගේ සමුද්‍ර දේශසීමා පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කළ නමුත්, සාකච්ඡාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් භාවිතා කරන ලද සිතියම වෙනස් කළ යුතු බවට ලෙබනනය කළ ඉල්ලීම නිසා ක්‍රියාවලිය ඇණහිට ඇත. නමුත් එම තීරණය මේ වවන විට වෙනස් කිරීමට ලෙබනනය සිය කැමැත්ත පල කිරීමත් සමඟ ප්‍රගතියක් නැවත ඇතිව තිබේ.

එක්සත් ජනපදයේ මැදිහත්වීම සම්බන්ධයෙන් දෙරටම සුභවාදී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊශ්‍රායල අගමැති Yair Lapid සිය කැබිනට් මණ්ඩලය හමුවේ පවසා තිබුණේ එක්සත් ජනපද යෝජනාව ඊශ්‍රායලයේ පූර්ණ ආරක්ෂක-රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතා සහ ඊශ්‍රායලයේ ආර්ථිකය ශක්තිමත් කරනු ඇති බවයි.

කරීෂ් හි ගෑස් නිධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම අයිතිවාසිකම් ප්‍රකාශ කරන අතර ප්‍රබල ලෙබනන් ෂියා ව්‍යාපාරයක් වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියා වන හසන් නස්රල්ලා ඊශ්‍රායලය කරීෂ් හි ගෑස් නිෂ්පාදනය අරඹන්නේ නම් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...