ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

Date:

ලෙබනනය හා ඊශ්‍රායලය අතර පවතින සාමුද්‍රික දේශසීමා ආරවුල විසඳීම සඳහා එක්සත් ජනපදය මැදිහත්ව තිබේ. ඊට අදාළ ගෑස් නිධි සම්බන්ධ කෙටුම්පත් කරන ලද ගිවිසුම එක්සත් ජනපද නියෝජිත Amos Hochstein විසින් පසුගිය සති අන්තයේ දී ලෙබනන් සහ ඊශ්‍රායල නිලධාරීන් වෙත භාර දෙන ලද බව වාර්තා වේ.

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර ඔවුන්ගේ ගොඩබිම් දේශසීමාව එක්සත් ජාතීන් විසින් මුර සංචාරයේ යෙදේ.

ඔවුන් 2020 දී ඔවුන්ගේ සමුද්‍ර දේශසීමා පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කළ නමුත්, සාකච්ඡාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් භාවිතා කරන ලද සිතියම වෙනස් කළ යුතු බවට ලෙබනනය කළ ඉල්ලීම නිසා ක්‍රියාවලිය ඇණහිට ඇත. නමුත් එම තීරණය මේ වවන විට වෙනස් කිරීමට ලෙබනනය සිය කැමැත්ත පල කිරීමත් සමඟ ප්‍රගතියක් නැවත ඇතිව තිබේ.

එක්සත් ජනපදයේ මැදිහත්වීම සම්බන්ධයෙන් දෙරටම සුභවාදී ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊශ්‍රායල අගමැති Yair Lapid සිය කැබිනට් මණ්ඩලය හමුවේ පවසා තිබුණේ එක්සත් ජනපද යෝජනාව ඊශ්‍රායලයේ පූර්ණ ආරක්ෂක-රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතා සහ ඊශ්‍රායලයේ ආර්ථිකය ශක්තිමත් කරනු ඇති බවයි.

කරීෂ් හි ගෑස් නිධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයම අයිතිවාසිකම් ප්‍රකාශ කරන අතර ප්‍රබල ලෙබනන් ෂියා ව්‍යාපාරයක් වන හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියා වන හසන් නස්රල්ලා ඊශ්‍රායලය කරීෂ් හි ගෑස් නිෂ්පාදනය අරඹන්නේ නම් ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර ඇත.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...