බ්‍රසීලයේ වම දකුණ පැටළේ

Date:

බ්‍රසීලයේ මැතිවරණයේ පළමු වටය මේ වන විට අවසන්ව ඇති අතර සියලුම ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා 48%ක්ද, දක්ෂිණාංශික වත්මන් ජයිර් බොල්සොනාරෝ 43% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

ඒ අනුව බ්‍රසීලයේ මැතිවරණය දෙවන වටයට යන අතර එහිදී දෙපාර්ශවය අතර නැවත තරඟයක් සති හතරකින් පැවැත්වෙනු ඇත.

මේ වන විට දූෂණ චෝදනාවලට වරදකරු වී සිරගතව සිටින වාමාංශික ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට නැවත පැමැණීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පුරෝකතන ඉදිරිපත් කර තිබෙන අතර ජනාධිපති බොල්සොනාරෝ හා ලූලා අතර එකිනෙකාට එරෙහිව විශාල විරෝධතාවක් පවතියි.

ප්‍රසිද්ධ දේශපාලන සාකච්ඡාවකදී  බොල්සොනාරෝ විසින් ලූලා සිරගත කළ දූෂණ චෝදනා ගැන සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ ඔහු ”හොරෙකු” වශයෙනි. ලූලා විසින් බොල්සොනාරෝ මහතා මෙහිදී ”පිස්සෙකු” ලෙස ද නම් කළ අවස්ථාද වේ. මෙලෙසම දෙපාර්ශවයේ ආධාරකරුවන් ද ඔවුනොවුන්ට චෝදනා කරමින් ප්‍රසිද්ධියේ විරෝධතා පවත්වමින් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ

ඇමසන් වැසි වනාන්තරය පිළිබඳ අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින්නේ එකිනෙකට පරස්පර තත්වයකි. ඇමසන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා බව වාමවාදී ලූලා පවසන අතර බොල්සොනාරෝ මහතා තර්ක කර ඇත්තේ වැසි වනාන්තරයේ කොටස් ආර්ථික සූරාකෑම සඳහා විවෘත කළ යුතු බවයි.

2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ ලූලාගේ පාලන කාලය තුළ ලූලාගේ පාරිසරික වාර්තාව පරිපූර්ණ නොවන මුත්, කාලගුණ ක්‍රියාකාරීන් අනතුරු අඟවා ඇත්තේ ජනාධිපති බොල්සොනාරෝගේ පාලන සමයේදී වන විනාශය සහ ලැව්ගිනි ඉහළ ගොස් තිබීම නිසා ඔහු නැවත තේරී පත් වුවහොත් එම ප්‍රදේශය අන්තයකට යා හැකි බවයි. ඒ අනුව දේශගුණ ක්‍රියාකාරීන්ගේ වඩාත් කැමති තේරීම වන්නේ ලූලා ය.

බොල්සොනාරෝ මහතා කෘෂිකාර්මික අංශය සහ කෘෂිකාර්මික ව්‍යාපාර ඡන්ද වෙනුවෙන් බලපා ඇති අතර බ්‍රසීලයේ ඡන්දදායකයින්ට දරිද්‍රතාවය සහ කුසගින්න වැඩිවීමට දායක වී ඇති ආහාර මිල ඉහළ යාම වැනි තවත් බොහෝ දැවෙන ප්‍රශ්න බවට පත්ව තිබේ. බොහෝ ඡන්දදායකයින් අධ්‍යාපනය සහ රටතුළ පවතින අසමානතාවයන් නව ජනාධිපතිවරයාට විසඳිය යුතු ප්‍රශ්න ලෙස දක්වා තිබේ.

කෙසේ නමුත් බොල්සොනාරෝ මහතාගේ ආධාරකරුවන් ඔහු ධුරයෙන් ඉවත්කර හැක්කේ දෙවියන්ට පමණක් බව ප්‍රකාශ කරන අතර ලූලා දැනටමත් නිවේදනය කර ඇත්තේ අවසන් ජයග්‍රහණය තෙක් සටන දිගටම පවතින බවත්, එය ඔවුන්ගේ ආදර්ශ පාඨය බවත්ය.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිත අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර...

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...