නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

Date:

යුක්රේන යුද්ධය පැවති සමයේ කියෙව්හි සංචාරය කළ මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු රුසියානු ආක්‍රමණයේ ප්‍රතිවිපාක ඔවුන්ගේම දෑසින් දැක ඊයේ (02) දින නේටෝව වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණේ රුසියාව යුක්‍රේන ප්‍රදේශ ඈඳා ගැනීම හෙළා දකින බවත්, යුක්රේනයට මිලිටරි ආධාර සැලකිය යුතු ලෙස වැඩි කරන ලෙසත්ය. එමෙන්ම මෙම ප්‍රකාශය මඟින් ආක්‍රමණශීලී අපරාධ කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා ඇත.

එම ප්‍රකාශනයේ යුක්රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා අපගේ සහයෝගය අපි නැවත අවධාරණය කරන බවත් , කිසිදු යුක්රේන භූමියක් ඈඳා ගැනීමට රුසියානු උත්සාහයන් අප විසින් හෙළා දකිනබවත් මෙහිදී නිවේදනය කර ඇත. එමෙන් ම රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සහය ලබා දීමට සූදානම් බවත්, අල්ලාගෙන සිටින සියලුම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙසත් ඉල්ලා සිටියි. ඔවුන් සිය මිත්‍ර පාක්ෂිකයින් දිරිමත් කර තිබුණෙි් යුක්රේනයට මිලීටරි ආධාර ලබා දෙන ලෙසයි.

මේ වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් සහ සපොරිෂියා ප්‍රදේශ රාජ්‍ය රුසියානු සමූහාණ්ඩුවට ඇතුළත් කිරීම පිළිබඳ ෆෙඩරල් ව්‍යවස්ථාමය නීති කෙටුම්පත් හතරක් රුසියානු සමූහාණ්ඩුවේ සභාපති විසින් ඉදිරිපත් කර ඇත. ඈඳා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් මේ සතියේ නිල වශයෙන් හමුවීමට නියමිත වන අතර, එම කලාපවල සන්නද්ධ හමුදා රුසියානු සන්නද්ධ හමුදාවන්ට ඇතුළත් කිරීමට යෝජිත බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...