*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

සාක්ෂි තියාගෙන මිනිය වළදාමු

පාපන්දු පරිපාලනය සම්බන්ධයෙන් ඡන්දය පවත්වා අවසන්ය.හිටපු සභාපතිවරයා විසිර සිටි තවත් පාර්ශව කිහිපයක්ද අල්ලාගෙන බලය පිහිටුවා ඇත.විරුද්ධ පාර්ශව විරුද්ධවම සිටිනවාද,බලයට ආ පසු විරුද්ධව සිටි පාර්ශව නොතකා හරිනවාද යන්න දැන් විසඳාගත යුතුය.
එතැනින් මෙහා දැන් ඇත්තේ අර්බූදයේ මෘත ශරීරයය.එහි සැක සහිත සාක්ෂි සම්බන්ධ සටහන් කරගෙන අවසන්ය.ඕනැම මොහොතක රටේ පවතින නීතීන්ට අනුව සැකයෙන් එහාට යාම සඳහා සාක්ෂි පවතින බැවින් එය නීත්‍යානුකූල තලයට ගෙන යාමේ වැඩ පිළිවෙලක් මිස දැන් මාත දේහය යට නොකර සිටීමෙන් පගක් නැත.එය පාපන්දු ප්‍රේමීන්ට උචිත දෙයක් නොවන අතර සමහර විට මේ සමීපතමයන්ට අවශ්‍යය නොවන මිනී යට නොකර කල් තබා ගන්න හදන බූරු කාරයන්ගේ වැඩක්දැයි ද සැකය.


ලංකාවේ සිද්ධවෙන්නේම කුමන හෝ විෂයක පරිපාලනය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ගැටීමය.එක කණ්ඩායමක් ඉන් ජයග්‍රහණය කිරීම ස්වභාවය ය.එතැන් සිට ක්‍රියාත්මක වන්නේ පරාජිත පිරිස විසින් ජයග්‍රහණය කරන ලද පිරිසට උපකාර නොකර සිටීමය.එවිට පිරිහෙන්නේ පරිපාලකයා නොව විෂයය.ජයග්‍රාහකයාගේ ගතියද ඊට සමානය.පරාජිතයා හා ගෑවී සිටින සියලු දෙනාට පහරදීම ඇතුළු කාරණා නොනවත්වා සිඳුවන්නේය.


මේවා සමහර විට ගැටුම නිමා නෙවෙනවාට අකමැති මල ගෙවල්වල බූරු ගස්සන තෝන් කාරයන්ගේ වැඩ බඳුය.මිනිය කුණු ගද ගසමින් හෝ තබා ගන්නා කාලය අනුව ඔවුන්ට තෝන් වාසිය ලැබෙන්නේය.එහෙත් දැන් පාපන්දුව ඇත්තේ බූරු පිටිය හකුලා ඒ පිටිය මැද ජස්වර් සහ දක්ෂිත දෙපාර්ශවයම එකට වාඩි වී සාකච්ඡා කළ යුතු තැනෙකය.දෙයක් හොඳනම් තමන්ම කරන්නට අවශ්‍යය නැත.එසේම තමන්ගේ දෙයට වඩා හොඳ දෙයක් ඇත්නම් එය තමන්ගේ නොවන නිසා නොකර සිටින්නට අවශ්‍යය ද නැත.එතැනට පාපන්දු බලය වෙනුවෙන් ගැටුණු දෙපිරිසම හිත හදාගන්නේනම් මරුය.


කවුරුන් හෝ මේ මොහොතේ ක්‍රීඩාවෙන් වැඩීමට වඩා පෙරමුණේ තබා ගත යුත්තේ ක්‍රීඩාව වර්ධනය කරන්නේ කෙසේද යන්නය.පාපන්දුවල තත්ත්වය එතරම්ම වැටී ඇත.ප්‍රමුඛ තරගාවලි පවත්වන්නේ කෙසේද?ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා ශ්‍රී ලාංකිකයන් සහභාගි කරවීමට හැකිද?අඩුම තරමේ කළාඵයේ පවතින වෘත්තීමය මට්ටමේ ලීගවලට හෝ මෙරට ක්‍රීඩකයින් යෙදවිය හැකිනම් වැදගත්ය.


විදේශයන්හි සිටින ලාංකේය සම්භවයක් ඇති ක්‍රිඩකයින් පාපන්දු තහනමට ආසන්න කාලයේ ශ්‍රී ලංකාව නියෝජනය කළේය.ඒ නියෝජනය වෙනුවෙන් ඔවුන්ට තෘප්තිමත් අවසානයක් ලැබුණේ නැත.ඒ තත්ත්වයන් වෙනස් විය යුතුය.ඔවුන්ගේ වෘත්තීය පාපන්දුනම් රටට ඒ දේ ලබා දෙන්නට බඩගින්නේ සිටිය යුතුය ය මෝඩ දේශප්‍රේමීයත්වය ඔස්සේ නොයා ඔවුන්ගේ වෘත්තීය දායකත්වය තෘප්තිමත් තලයක පවත්වාගෙන නඩත්තු කළ යුතුය.අලුතෙන් සැකසෙන්න අවශ්‍යය වැදගත්ම කාරණා අතර එය තිබෙන්නේය.


ඉදිරි තරග සැළසුම කවරේද?ප්‍රාදේශිය වශයෙන් තමන්ගේ පාපන්දු ලීගයට එම ප්‍රදේශයේ ව්‍යාපාර අනුග්‍රහය ලබා ගන්න බැරිද?මේවා සාකච්ඡාවට ගත යුතුය.පාපන්දු පරිපාලනයෙන්ම යැපීම වෙනුවට තමන්ගේ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකින් අඩුම තරමේ එහි ප්‍රධාන ක්‍රීඩකයන්ට මාසිකව රැපියල් 10000 ක මුදලක් හෝ ලබා දිය හැකි මට්ටමේ සංවිධානයක් ඇති කිරීමට ක්‍රිඩා සමාජ පරිපාලකයෝ සූදානම් විය යුතුය.
ඉහළට කාසි වැටෙන තෙක් කට අල්ලාගෙන සිටින විට ඉහළින් එන කාසි මෙන්ම අනිත් නොවැදගත් දේ ද ගිලෙන්නට ඉඩ ඇත.මේ තත්ත්වයන් තේරුම්ගෙන තමන් ඡන්දය දුන් නිසා සියල්ල තමන්ට හිමි විය යුතුය කියන කාරණය පසුපස්සේ නොයා තමන්ගේ ක්‍රිඩා සමාජවලට තනිව හයියක් ලබා ගෙන වැඩ කිරීමේ පෞරුෂය ඇති කර ගැනීම ගැන ක්‍රිඩා සමාජ පුහුණු විය යුතුය.


පාපන්දු පරිපාලනය ලංකාවේ බොක්සිං සහ වොලිබෝල් කේෂ්ත්‍රය ආක්‍රමණය කළ ඇඟළුම් කර්මාන්ත කේෂ්ත්‍රයට පිවිසිය හැකිනම් ප්‍රතිපල ඉහළින් නෙලා ගන්නට හැකියාව ඇත.වෙළද සේවා පාපන්දුව සිය සාමාජික ව්‍යහුය පළල් කර ගැනීමට සාකච්ඡා කළ යුතුය.ඒ අතරම නව අධ්‍යාපන ක්‍රමවේද හරහා ඉහළ අධ්‍යාපනයක් සහිත දරුවෝ ද අධ්‍යාපනය සමඟ ක්‍රීඩාවේ රඳවා ගන්නට හැකිනම් එය හොඳ වැඩ පිළිවෙලක්ය.පෞද්ගලික අංශයේ ආයතන සමඟ (විශේෂයෙන් මූල්‍ය ආයතන) සාකච්ඡා කර මේ තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට වෙළධ සේවා පාපන්දු නිලධාරීන් ප්‍රධාන මව් සංගමයෙන් උපකාර ලබාගත යුතුය.
ශ්‍රී ලංකාවේ පාපන්දුවට ලෝකය ජය ගැනීම වැනි ඉලක්ක එක වර අතුල්ලා සුළු කාලයකට දිස්නය ඇති කිරීම පලදායක නැත.ඒවා හීනවලින් යථාර්තයට පැමිණීමට බොහෝ කල් ගතවන එකක් බව පැහැදිළිය.නමුත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක්ය.දැන් ඇත්තේ සෙසු රටවල් අප පසුකර යාමක්ය.අපට සිදු වූ අතපසුවීම් බොහෝමයක් දැවන්ත මුදල් ගැවසීම ඇතිවීම සමඟ පිටියේ ක්‍රීඩාවෙන් පිටතට ක්‍රිඩා කිරීම වැඩි වීම නිසා ඇති වූ තත්ත්වයන්ය.මේ අතරට දේශපාලකයෝද ඒ මුදල්වලින් මානුෂීය ආධාර ස්වරූපයෙන් සහ ක්‍රීඩා තරග සංවිධාන ස්වරූපයෙන් පාපන්දු සල්ලි සමඟ ක්‍රිඩා කිරීම ද සිඳුවන්නට ගත්තේය.අවසාන වරට පාපන්දු පරිපාලනයට එල්ල වූ චෝදනාවලදී ද සිඳු වී තිබුණේ එවැනි ක්‍රීඩාවන්ය.
පළමුව පාපන්දු පරිපාලනය දේශපාලන බලධාරියා මත යැපෙන්න නොයාම වගේම එහි බලපෑම් යොදාගෙන බලයට ඒමද නොකළ යුතුය.


අපි බලාගෙන සිටිමු.ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට පිටියට බසින්නේ එක කණ්ඩායමක්ය.පාපන්දු පරිපාලනයට කැමත්තෝ ද නිලවරණයට ඡන්ද සටන තබාගෙන එක කණ්ඩායමක් හැටියට වැඩ කළ හැකි ක්‍රමවේද සොයා යන්නේනම් වැදගත්ය.මේවා ජනප්‍රිය තලයේ පාලනයට උනන්දුවන්න්ගේ ආකර්ශණයට තුඩු දෙන ඉල්ලීම් නොවන බව අපි දනිමු.නමුත් පිටියේ දකින පාපන්දුව ජන ආකර්ශණයට ලක් වෙන්නට ඇවැසිනම් පරිපාලලනය එක අරමුණක සියල්ලම එක්ව රොක්ව මේ වසර කිහිපය එකට යා යුතුය.වැරදි පාරෙන් පිට පනිනකම් බලා සීටීමට වඩා පාර දෙපැත්තෙන් පිටට වීසි වීම වළක්වන්නට රැහැන් ඇඳ තැබීමට හෝ පිටතට වීසිවන බව පෙන්වීමට එම පාරේ සියල්ලෝම එකට ගමන් කළ යුතුය.
ඒ නිසා දැන් ඇත්තේ සාක්ෂි තබාගෙන මිනිය වළ දැමීමය.කුනු ගද ගසන තෙක් ඕජස් ගලද්දීත් මිනිය තබාගෙන බූරු ගසන තෝන් කාරයන්ගේ න්‍යාය පත්‍රයට කටයුතු නොකිරීමය.විශේෂයෙන් අමාත්‍යවරයා මේ මොහොතේ තමන්ගේ සීමාවේම රැදී සිටීම වැදගත්ය.බැරි වෙලාවත් ඔහු කවුරුන් හෝ කරන කීද්දුමකට අවදිව කික් කරන්නට ගියහොත් සිඳුවන්නේ ජාත්‍යන්තරයෙන් යළිත් රතු කාඩ් පතක් පෙන්වීමය.

සටහ්න – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan