අගොස්තුව ආදායම් වාර්තාවක් තබයි!

Date:

කොළඹ LNW:2023 වසරේ මාසයක් තුළ ඉපැයූ වැඩිම අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය ඩොලර් මිලියන 1,119ක් ලෙසයි දැක්වෙන්නේ.

නමුත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 8,010ක් ලෙස වාර්තා වී ඇත.

2022 වසරේ එම කාලයට සාපේක්ෂව එම ආදායම 10.1%ක අඩුවීමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

කෙසේවෙතත් අපනයන ආදායමට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ඇගළුම් ක්ෂේත්‍රයේ සිදුව තිබෙන කඩා වැටීමය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...