සුඛෝපභෝගී නිවසක අයිතිය සම්බන්ධ නඩුවකට ඥානසාර හිමිට නොතීසි

Date:

බම්බලපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පිහිටි නිවසක අයිතිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ, බම්බලපිටිය ශ්‍රබරි ගාඩ්න්ස් හි නිවසක පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක යන අය විසින් ගොනු කර ඇති පෙත්සමක් ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී ය.

ඇමරිකාවේ පදිංචි සිය නැන්දණිය විසින් තමන්ට නීත්‍යානුකූලව පවරා ඇති මෙම නිවසට තමන්ට ඇතුළු වීමට ඉඩ නොදී ඥානසාර හිමි, එහිමියන්ගේ ගෝල හිමි වන දයාශීල හිමි සහ අදාළ නිවාස සංකීර්ණයේ කමිටු සභාපතිවරයා වන සිල්වෙස්ටර් යන ක්‍රියාකරන බවත් තමන්ට නීත්‍යානුකූලව පැවරී ඇති මෙම දේපළ භුක්ති විඳීමට නොදී බලහත්කාරයෙන් අයිතිකර ගැනීමට මෙම වග උත්තරකරුවන් කටයුතු කරන බවත් පෙත්සම්කාරිය සඳහන් කර ඇත.

මෙම දේපළ විකුණා එම මුදලින් චෛත්‍යයක් ගොඩනඟන්නැයි දේපළ හිමිකරුවන් තමන්ට පවසා ඇතැයි ඥානසාර හිමියන් පවසන බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...