සහෝදරත්වය …!

Date:

සහෝදරත්වය වූ කලී විවිධ වූ ආකාර වලින් පෙන්නුම් කරන්නාවූ සහ පෙනී සිටින්නාවූ සංකල්පමය භූථාර්තයක් වන්නේය. එකම එක මව් කුස තුල උපන්නාවූ සහෝදරයෝ ද ,වමේ දේශපාලනය තුළින් උපන් සහෝදරයෝ ද,තවත් විවිධ වූ ආයතන ගත හෝ මධ්යගත දෘශ්ටිවාදයන් තුළින් උපන් සහෝදරයෝ ද,වශයෙන් එය විවිධ ආකාරයන් පෙන්නුම් කරන්නේය.කෙසේ බෙදුවත් ඇසට සංජාණනය වන ආකාරයට ඒවායේ ප්රධාන ආකාර දෙකක් අපට ඉතා පැහැදිලිය. එකක් නම් එක මව් කුසේ උපන් සහෝදරයෝය. අනෙක නම් වමේ දේශපාලනයෙන් උපන් සහෝදරයෝ ය.

එක මව් කුසේ උපන් සහෝදරයෝ සිටින්නේ පවුල නම් ඒකකය තුලය. ඔවුන් නම් අයියලා, මල්ලිලා හා අක්කලා නංගිලා ය. ඔවුන් අතර ඉතාම දැඩි සහෝදර සම්බන්දතාවයක් ඇත්තේමය. මෙය ඇතිවී ඇත්තේ එකම මවු කුසක ඉපදීම නිසා මිස වෙන අන්කිසිම බාහිර හේතුවක් නිසා නොවේමය. එය නම් එක එල්ලේම ලේ ඥාතිත්වය මත ඇතිවන බන්ධුතාවයයි.

මූලික බන්ධුතාවය ලේ ඥාතීත්වය වුවත් එය හැරුණු විට තවත් බන්ධුතාවයන් රැසක්ම ඇත්තේය. ඒවා මූලිකම නොවන නිසා උප බන්ධුතා රැහැන් ලෙස සැලකිය හැක්කේය. අනිවාර්ය මූලික බන්ධුතා රැහැනත් සමඟ උප බන්ධුතා රැහැන් ගැටගැසී ඇති බව නම් පැහැදිලිය. පවුලේ උරුමයෙන් (inheretance) ලැබෙන්නා වූ ධනයද, බලයද උපබන්ධුතාවයන්ය. දේපොළ, ඉඩකඩම්, යස ඉසුරු, මාන්නය, අහංකාරය යනාදිය තවත් උප බන්ධුතාවයන්ය. පවුලේ සහෝදරත්වය තුළ මූලික බන්ධුතා රැහැන පැවතීමට නම් උප බන්ධුතා රැහැන් ශක්තිමත්වීම අනිවාර්ය සාධකයක් වන්නේමය. එම රැහැන් බුරුල් වූවිට මූලික බන්ධුතා රැහැනද බුරුල් වීම සිදුවිය හැක්කේය. මූලික බන්ධුතාවය සමඟ උප බන්ධුතාවයන් සමපාත වූ විට සහෝදරත්වය පවතී. අසමපාත වූ විට අසමගිය ඇතිවී සහෝදරත්වය බිඳී යාම වළක්වා ගැනීමට නම් කොහෙත්ම නොහැකිය. පවුලේ සහෝදරත්වය නැතහොත් එක මව්කුසේ සහෝදරත්වයේ හැසිරීම එසේ මිස බොහෝවිට වෙනත් ආකාරයක් නම් නොවන්නේමය. මෙයනම් ඓතිහාසිකය. දේවානම්පියතිස්ස හා මහානාග අතරත්, දුටුගැමුණු හා සද්ධාතිස්ස අතරත්, මුගලන් හා කාශ්යප අතරත් පමණක්ම නොව එදා සිට අද දක්වාම මුළු මහත් සමාජයේම පැවතුණු සත්ය නම් මෙයම මිස වෙනකක් නොවෙයි.

වාමාංශික සහෝදරත්වය උපදින්නේ එකම මව්කුසක් තුළ නම් නොවේ. එසේ වුවත් ඔවුන් ඕපපාතික ද නොවේ. ඔවුනට ද කුසක් ඇත්තේය ඔවුන්ගේ කුස සූරා කෑමට ලක්වන පන්තිය මිස වෙනකක් නොවේ. එය නම් ඔවුන්ගේ මූලික බන්ධුතා රැහැනයි. එමෙන්ම උප බන්ධුතා රැහැන් රාශියකි. ඉලක්කය, වැඩපිළිවල, සමගිය, අවබෝධය, අධ්යාපනය, පංති සවිඥ්ඥාණය (class consciousness) යනාදිය ඉන් සමහරක් පමණි. සහයෝගය, බෙදා හදා ගැනීම, ආදරය, දයාව, කරුණාව තවත් උප බන්ධුතා රැහැන්ය. උප බන්ධුතා රැහැන් ශක්තිමත් වීමෙන් මූලික බන්ධුතා රැහැනද ශක්තිමත් වීම ස්වභාවිකය. එයද ඓතිහාසිකව සනාථ කර ඇත්තා වූ සත්යයකි. රුසියාවේ, චීනයේ, ප්රංශයේ, වියට්නාමයේ, කියුබාවේ පමණක් නොව ලංකාවේ ද එම සත්යය පිළිබිඹු වී ඇත.

ඇමීභාවන් සේ බෙදී වෙන්වීම වාමාංශිකයින්ට උපන්ගෙයි සිටම තිබෙන රෝගයක් වන්නේය(Built-in). සමසමාජයෙන් ඇරඹුණු බෙදීම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වා අඛණ්ඩව එක දිගටම සිදුවී ඇත්තේය. එසේම සෝවියට් දේශයේ බෝල්ෂෙවික් -මෙන්ෂවික් බෙදීමද එසේමය. එහෙත් අරමුණු නම් එකමය. වෙනස් වන්නේ විවිධ වූ ක්රියාමාර්ගයන්ය. ක්රියාමාර්ග වෙනස් වීමෙන් අරමුණ යටවී යන්නේය. එකිනෙකා පසමිතුරන් බවට පත්වූහ. ඇන කොටා ගත්තේය, ගහමරා ගත්තේය.

එන්.එම්.පෙරේරාත්, කොල්වින්.ආර්.ද.සිල්වාත්, ලෙස්ලි ගුණවර්ධනත්, එස්.ඒ.වික්රමසිංහත් සහෝදරයෝය. රෝහණ විජේවීරත්, උපතිස්ස ගමනායකත්, වික්රමබාහු කරුණාරත්නත්, වාසුදේව නානායක්කාරත් සහෝදරයෝය. අනුර කුමාර දිසානායකත්, ලාල් කාන්තත්, කුමාර් ගුණරත්නම් ලාත් සහෝදරයෝය. ඔවුන් සියලු දෙනාගේම අරමුණ නම් එකමය. අසමගිය ඇත්තේ ක්රියාමාර්ගවලදීය. වාමාංශිකයින්ගේ සමගිය නම් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු දෙයක්මය. එයනම් කෙසේ වත් කළ නොහැකි දෙයක් සේ පෙනුනත් කළ යුතුම දවසේ කාර්ය්යක්ව පවතින්නේය.

ඔවුන්ගේ අරමුණ එකම නිසාවෙන් එහි අසමානතාවයක් නම් නැත්තේය. නමුත් ක්රියාමාර්ගවල ඇති අසමානතා ගැන සියල්ලෝම සිතිය යුතුය. එකම ධජයක් යටතේ ගමනක් ඇරැඹීමට නම් අරමුණු සහ ක්රියාමාර්ග වල ඇති අසමානතා සම්පූර්ණයෙන්ම නැතිකර ගැනීම දවසේ කාර්යයක්ව පවතින්නේය. නැවතත් ඉහත දැක්වූ “සහෝදරත්වයට” වටිනාකම් එකතුවන්නේද එවිට පමණකි.

~ ගාමිණී ජයසූරිය
(අධ්‍යන කවය)
” 89-සහෝදරත්වය”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...